April 24, 2024

දිලුම් සර්ගේ පොදු ජන සේවය: මාස 17 ට බස් ගාස්තුව 55% කින් ඉහළට Featured

2019 නොවැම්බර් මස බලයට පත්වූ ගෝඨාභය රාජපක්ෂ රජය යටතේ බස් ගාස්තුව 55% කට ආසන්න ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අවස්ථා තුනකදී.

ප්‍රථම අවස්ථාව

ප්‍රථමයෙන්ම 2020 ඔක්තෝම්බර් මස 20% කින් බස් ගාස්තු ඉහළ දැම්මා.

ඉන් පසුව 2022 ජනවාරි මස 5 වැනිදා 17.44% කින් බස් ගාස්තු යළිත් ඉහළ දැම්මා.

එසේ දෙවතාවම මගී ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යවරයාව දිලුම් අමුණුගම මහතා බස් ගාස්තු ඉහළ දැමමේ මගින් ඉඳගෙන ගෙන ගෙනයාමේ පදනම තුල.

පැන වූ නීති

එහෙත් එය තුට්ටුවකටවත් බස් සේවකයින් මායිම් කළේ නැහැ.

එසේ වැඩි කළ මිල ගනන් වලට මගින් හිටගෙන ගෙන යෑම සිදුවුණා.

2020 ජනවාරි 5 බස් ගාස්තු ඉහළ දැම්මේ තවත් පොරොන්දුවක් ඇතිව.

ඒ 2020 ජූනි මස වන තෙක් ඩීසල් මිල ඉහළ ගියත් බස් ගාස්තු වැඩි නොකරන බවට.

කඩ කල පොරොන්දුව

එම පොරොන්දුවද කඩ කරමින් යළිත් ඊයේ (14) යළිත් බස් ගාස්තු 15% කින් දිලුම් අමුණුගම මහතා ඉහල දැම්මේ මගී ප්‍රවාහන කැබිනට් ඇමැති ධුරයට පත්ව දින 10 ක්වත් යාමටත් මත්තෙන්.

ඒ අනුව 2020 ඔක්තෝම්බර් මස සිට 2022 මාර්තු මස දක්වා වූ මාස 17 තුළ බස් ගාස්තු පිළිවෙලින් 20% , 17.44% , 15% ආදි වශයෙන් 52.44 % කින් ඉහළ දැම්මා.

එහෙත් එම ප්‍රතිශතය ඊට වඩා වැඩි වනවා.

ඉහල ගිය ප්‍රමාණය

ඒ 2022 ජනවාරි මස 5 දින බස් ගාස්තු ඉහල දැම්මේ 2020 ඔක්තෝම්බර් මස ඉහළ දැමූ 20% නව ගාස්තුවට.

ඉන්පසුව ඊයේ (14) බස් ගාස්තු 15% කින් ඉහල දැම්මේ ඊට පෙර ඉහළ දැමූ 20% කින් හා 17.44% කින් වැඩි වූ ගාස්තුව පදනම් කරගෙන.

ඒ අනුව බැලූ බැල්මට වත්මන් ආණ්ඩුව යටතේ බස් ගාස්තු මාස 17 තුළ තුන් වතාවක් ඉහළ දැමීමේ ප්‍රතිශත වල එකතුව 52.44%ක් වුවද දිගින් දිගටම වැඩි කළ ගාස්තුවට ගාස්තුව එකතු වීම මත බස් ගාස්තුව 55% කින් පමණ ඉහළ ගොස් තිබෙනවා.

Rate this item
(2 votes)
Last modified on Tuesday, 15 March 2022 09:24