April 19, 2024

ශිෂ්‍යත්ව විභාගයේ කඩයිම් ලකුණු නිකුත් වෙයි Featured

2021 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ඊයේ (13) නිකුත් කෙරුණා.

ඒ අනුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk වෙත පිවිසීමෙන් ප්‍රතිඵල ලබාගත හැකි වුණා.

පසුගිය ජනවාරි 22 වැනිදා පැවති 2021 - පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සඳහා අපේක්ෂකයින් 340,508 දෙනෙකු විභාග මධ්‍යස්ථාන 2,943කදී පෙනී සිටියා.

එමෙන්ම මෙවර කිසිදු අයුරකින් ශිෂ්‍යත්ව විභාගයේ දිස්ත්‍රික් හෝ දිවයිනෙන් තරාතිරම නොබලන බව ද විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

ප්‍රතිඵල නිකුත් කිරීමේ දී අපේක්ෂකයා ලබාගත් මුළු ලකුණු සංඛ්‍යාව දිස්ත්‍රික්කය හා මාධ්‍යය අනුව අදාළ කඩයිම් ලකුණු සමග සඳහන් කෙරෙනු ඇති.

අවම ලකුණු සීමාව 152 ක් වෙනවා.

කෙසේවෙතත් දිස්ත්‍රික්ක අනුව එම ලකුණු මට්ටම වෙනස් වන අතර අවම ලකුණු මට්ටමක් මුලතිව් දිස්ත්‍රික්කයේ පවතින අතර එම ගණන 140කි.

දිස්ත්‍රික් අනුව කඩයිම් ලකුණු පහතින්,

Rate this item
(0 votes)