April 20, 2024

බුරුම හාලේ කෝටි 318 ක් වංචාවක්: මහ මොළකරු ඇමති පුතෙක් Featured

බුරුම හාල් ගෙන්වීමෙන් ඇමරිකානු ඩොලර් මිලියන 15ක වංචාවක් සිදුව තිබෙන බව වාර්තා වනවා.

එම මුදල රුපියල් වලින් නම් කෝටි 318 ක් පමණ වනවා.

කොමිස් මුදල

මෙම වංචාවට ඇමති පුතෙක් සම්බන්ධව ඇති බවයි ප්‍රකාශ වන්නේ.

ඊට අමතරව මෙම වංචාව සඳහා ඇමති පුතා සමග සංස්ථාවක ප්‍රධානියෙක්ද සම්බන්ධ බවත් වාර්තා වනවා.

එම රු. කෝටි 318 ක ඇමති පුතා සහ සංස්ථා ප්‍රධානියා කොමිස් වශයෙන් ගත් බවටයි චෝදනා එල්ල වන්නේ.

වෙළෙඳ අමාත්‍යාංශය

බුරුමයෙන් මෙම හාල් තොගය ගෙන එනු ලැබුවේ මෙරට නිෂ්පාදිත හාල් වල මිල ඉහළ අගයක් දැරීම නිසා ඊට අඩු මිලකට පාරිභෝගිකයාට සහල් ලබා දීම සඳහා වෙළෙඳ අමාත්‍යාංශය විසින්.

වෙළෙඳ අමාත්‍ය ධුරය දරන්නේ බන්දුල ගුණවර්ධන මහතායි.

බුරුම සහල් වංචාව පිළිබඳ තොරතුරු වාර්තා කර තිබුණේ ඉරිදා ලංකාදීප පුවත් පතයි.

Rate this item
(0 votes)
Last modified on Sunday, 13 March 2022 11:59