March 29, 2024

ගුවන් ප්‍රවේශපත්‍ර ගාස්තුත් ඉහළට

අද සිට සියලුම ගුවන් ප්‍රවේශපත්‍රවල මිල ගණන් සියයට 27කින් ඉහළ දමා තිබෙනවා.

සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා සඳහන් කළේ, ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අවප්‍රමාණ වීමත් සමඟ මෙම තීරණයට එළඹීමට සිදු වූ බවයි.

ඩොලරයක් සඳහා විනිමය අනුපාතිකය මේ වනවිට රුපියල් 203 සිට රුපියල් 260 දක්වා ඉහළ ගොස් ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

මේ අතර වසර 50කට පසු රත්මලාන ගුවන් තොටුපලේ ජාත්‍යන්තර ගුවන් ගමන් යළි ආරම්භ කරමින් මාලදිවයිනේ ගුවන් සේවාවක් රත්මලාන ගුවන් තොටුපල වෙත ගුවන් ගමන් ආරම්භ කරන බව නිවේදනය කළා. 

මෝල්ඩිවියන් නැමති මෙම ගුවන් සේවාව සතියකට ගුවන් ගමන් වාර 3ක් ක්‍රියාත්මක කිරීමට නියමිත යි. 

ඒ සඳහා ආසන 50ක ධාරිතාවකින් යුත් ඩී.එච්.සී. ඩෑෂ් අට වර්ගයේ ගුවන් යානා යොදාගැනෙනු ඇති.

Rate this item
(1 Vote)