March 28, 2024

රාජපක්ෂවරු එක්ක දේශපාලනය අවසන්! රටේ ඊලඟ නායකත්වය ගැන විමල් කියයි

මෙතනින් එහාට ලංකාවේ පවුල් දේශපාලනයට ඉඩක් නොමැති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා.

ඒ අනුව ලංකාවේ රාජ්‍ය පාලනයේ සිටින අවසාන පවුල රාජපක්ෂවරු බවට පත්වන බවයි වීරවංශ මහතා අවධාරණය කරන්නේ.

උඩරට හෝ පහතරට ප්‍රභූ පැලැන්තියේ දේශපාලනය මෙතනින් අවසන් වන බවත් මේ අවසාන පරිච්ඡේදය බවත් ඔහු කියා සිටියා.

මෛත්‍රීපාල සිරිසේන සහ ආර්. ප්‍රේමදාස ජනාධිපති ලෙස පත්වීම අහඹු සිදුවීම් බවත් පෙන්වා දෙන මන්ත්‍රීවරයා යළි රාජපක්ෂවරුන් ආරක්ෂා කිරීමට කිසිසේත්ම දායක නොවන බවත් අවධාරණය කළා.

නැවත රාජපක්ෂවරු සමඟ කිසිදු මැතිවරණයකට තරඟ නොකරන බවත් නැවත රාජපක්ෂවරු සමඟ දේශපාලන මිත්‍රත්වයක් හෝ සහසම්බන්ධයක් සිදු නොකරන බවත් විමල් වීරවංශ මහතා ප්‍රකාශ කළා.

ඊලඟට රටේ නායකත්වයට ප්‍රභූ පැලැන්තියේ හෝ පවුලකට රටේ ඉඩක් නොමැති බවයි මන්ත්‍රීවරයා හෙළි කළේ.

ඔහු මේ බව කියා සිටියේ ඊයේ (10) රූපවාහිනී වැඩසටහනක පැවැති සම්මුඛ සාකච්ඡාවකට සහභාගී වෙමින්.

Rate this item
(2 votes)
Last modified on Friday, 11 March 2022 15:13