April 23, 2024

විදුලි ව්‍යාපෘති 1374ක් නතර වෙලා! හදිසි විදුලි මිලදී ගැනීමේ ඉහළයාම සියයට 14ක්

ලංකා විදුලි බල මණ්ඩලයේ ගිවිසුම් අත්සන් නොකිරීම හේතුවෙන් ව්‍යාපෘති ගණනාවක් නතර වී ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවකින් හෙළිවී තිබෙනවා.

ඒ අනුව ලංකා විදුලිබල මණ්ඩලය විසින් විදුලි බලය මිලදි ගැනිමේ ගිවිසුම් අත්සන් නොකිරිම හේතුවෙන් සුනිත්‍ය බලශක්ති අධිකාරිය විසින් බලපත්‍ර හා තාවකාලික අනුමැතිය ලබාදි ඇති සහ ජාල එකඟතාවය ඉදිරිපත් කර ඇති මෙගාවොට් 4014.84 ව්‍යාපෘති 1374ක ක්‍රියකාරිත්වය නතරවී ඇති බව එම වාර්තාවේ දැක්වෙනවා.

ලංකා විදුලිබල මණ්ඩලය විසින් 2017 වර්ෂයේ සිට තරගකාරි මිල කැදවුම් ක්‍රමයට අවතිරණ විම හේතුවෙන් සම්මත අයක්‍රමය මත පුනර්ජනනිය බලශක්තිය මිලදි ගැනිමේ ගිවිසුම් අත්සන් කිරිම අත්හිටුවිම මෙම තත්වයට හේතුවි ඇතැයි ඒෂියන් මිරර් වෙත වාර්තා වනවා.

සැපයුම්කරුවන් යයි

මේ දක්වා කුඩා ජල විදුලි බලාගාර සඳහා කිසිදු ආකාරයේ මිල ගණන් කැඳවිමක් සිදුකර නොතිබු අතර එම නිසා කුඩා පරිමාණ ජල විදුලි බලාගාර ඉදිකිරිමේ බලාපොරොත්තුවෙන් සිටි සැපයුම්කරුවන් කර්මාන්තයට පිවිසිම වැළකී තිබුණා.

එමෙන්ම ලංකා විදුලිබල මණ්ඩලයට අඩු මිලකට විදුලිය මිලදි ගැනිමට ඇති හැකියාවද අහිමිවි ඇති බවද විගණන වාර්තාවේ සඳහන්.

මෙම තත්වය නිසා පුද්ගලික ඩිසල් බලාගාරවලින් අධික මිලට විදුලිය මිලදි ගැනිමට පසුගිය වර්ෂවල වැඩි වී තිබෙනවා. 2017 වර්ෂය සාපේක්ෂව 2020 වර්ෂයේ දි සමස්ත හදිසි විදුලිය මිලදී ගැනිමේ වැඩිවිමේ ප්‍රතිශතය සියයට 14ක් බවද විගණනය මගින් අනාවරණය කර තිබෙනවා.

තරගකාරි මිල ක්‍රමය 

ශ්‍රි ලංකාවේ පුනර්ජනනීය බලශක්ති කර්මාන්තය 2017 වර්ෂය දක්වා සම්මත ගාස්තු මිල ක්‍රමය මත පදනම්ව ක්‍රියාත්මක වුණා.

දේශිය ආයෝජකයින් ආකර්ශනය කර ගැනිම සඳහා සම්මත මිල ක්‍රමය ක්‍රියාත්මක කර තිබූ අතර කුඩා පරිමාණ ජල විදුලි බලාගාර ක්ෂේත්‍රය මේ යටතේ ඉහල කාර්ය සාධන මට්ටමක් ලඟා කර ගෙන තිබුණා. 

කෙසේවුවද 2017 වර්ෂයේ සිට තරගකාරි මිල ක්‍රමය මත පදනම්ව කොන්ත්‍රාත් පිරිනැමීමට ලංකා විදුලිබල මණ්ඩලය විසින් තින්දු කර තිබුණා. 

ඒ වන විට කුඩා ජල විදුලි බලාගාර, සුර්ය බලාගාර,  සුළං බලාගාර ආදි නව පුනර්ජනනීය ක්ෂේත්‍රයන්හි ආයෝජනය කිරිමට බලාපොරොත්තුවෙන් නව ආයෝජකයින් 144ක් සුනිත්‍ය බලශක්ති අධිකාරිෙයේ ලියාපදිංචි පොරොත්තු ලේඛනයේ  රැදිසිටි අතර ආයෝජකයින් 1374 දෙනෙකු බලාගාර ඉදිකිරිමේ ක්‍රියාවලියේ විවිධ අදියරයන්හි අනුකුලතා සපුරාලමින් සිටි බවද විගණන වාර්තාවේ වැඩිදුරටත් සඳහන්.

 

Rate this item
(0 votes)
Last modified on Sunday, 06 March 2022 09:49