April 20, 2024

දිනේෂ්ගේ ඇමතිකම රැක ගැනීම පිටුපස විමල්-උදය- වාසු කල්ලියත්

ඊයේ (3) සිදු වූ හදිසි කැබිනට් මණ්ඩල සංශෝධනයේදී දිනේෂ් ගුණවර්ධන මහතාට කර්මාන්ත අමාත්‍ය ධුරය භාර ගන්නා ලෙස ආරාධනා කළා.

එහෙත් ඔහු එය ප්‍රතික්ෂේප කළේ දැනට දරන අධ්‍යාපන අමාත්‍ය ධූරයෙන් ඉවත් වීමට තිබූ අකැමැත්ත නිසා.

ඇමතිට බලපෑම් කළ පිරිස

ගුණවර්ධන මහතාට අධ්‍යාපන අමාත්‍ය ධුරයෙන් ඉවත් නොවන ලෙස බලපෑම් කළ පිරිස අතර ආණ්ඩුව සමග ගැටුමකට මුල පුරා ඇති කණ්ඩායමේ සාමාජිකයින් ද සිටින බව ඒෂියන් මිරර් වෙත වාර්තා වනවා.

විමල් වීරවංශ, උදය ගම්මන්පිල හා වාසුදේව නානයක්කාර යන මහත්වරුන් නායකත්වය දෙන ආණ්ඩුවේ සන්ධානගත පක්ෂ 11කින් සමන්විත කණ්ඩායමේ ප්‍රබලයන් රැසක්ම ගුණවර්ධන මහතාට අධ්‍යාපන අමාත්‍යධූරයෙන් ඉවත් නොවන ලෙස ඉල්ලීම් කර තිබෙනවා.

ඒ හේතු කිහිපයක් පදනම් කරගෙන.

නව අධ්‍යාපන ඇමති

ගුණවර්ධන මහතා දැරූ අධ්‍යාපන ඇමති ධූරය ලබාදීමට නියමිතව තිබුණේ එස්.බී.දිසානායක මහතාට.

දිසානායක මහතා පුද්ගලීක විශ්ව විද්‍යාල ස්ථාපිත කිරිමට දැඩි කැමැත්තක් දක්වන්නෙක්.

එම තත්ත්වය තුළ දිසානායක මහතා යම් හෙයකින් අධ්‍යාපන අමාත්‍යවරයා වූයේ නම් උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ අර්බූදකාරී ගැටුම් ඇතිවීම වැළැක්විය නොහැකි බවයි එම පාර්ශ්වයේ මතය වී තිබෙන්නේ.

විශේෂයෙන්ම දිසානායක මහතා අධ්‍යාපනය ධුරයට පත් වූයේ නම් එය ජනතා විමුක්ති පෙරමුණට සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂයට වඩා වාසිදායක පසුබිමක් රටේ ගොඩනැගීමට ඉඩ තිබෙන බව එම පාර්ශවයේ මතයයි.

Rate this item
(0 votes)
Last modified on Saturday, 05 March 2022 12:52