April 25, 2024

බාලවයස්කාර දැරියන් දෙදෙනෙකුට ලිංගික අතවර කළ ග්‍රාම නිලධාරීවරයෙක් අත්අඩංගුවට

අම්බලන්තොට ප්‍රාදේශිය ලේකම්  කොට්ඨාශය තුළ සේවය කරනු ලබන   ග්‍රාම නිළධාරිවරයෙක් පෞද්ගලික උපකාරක පංති පැවැත්වීමට සිය නිවසට ගෙන්වා ගත් බාල වයස්කාර දැරියන් දෙදෙනෙකුට ලිංගික අතවර හා අපයෝජනය කිරීම සම්බන්දයෙන්  සැකකාර ග්‍රාම නිළධාරිවරයා (02) අම්බලන්තොට පොලිසිය මගින් අත් අඩංගුවට ගත් බව ඒෂියන් මිරර් වෙත වාර්තා වෙනවා.

ලිංගික අතවර කිරීමක් සම්බන්දයෙන් තම වසමේ පුද්ගලයින් පිරිසක් විසින්  සැකකාර ග්‍රාම නිළධාරීවරයාට අපහාස කරන බවට අම්බලන්තොට පොලීසියට ඔහු විසින්ම සිදු කරන ලද පැමිණිලක් කර තිබෙනවා.

එම පැමිණිල්ල විභාග කිරීමෙන් පසුව බාල වයස්කාර දැරියන් දෙදෙනෙකුට බරපතල ලිංගික අපයෝජන සිදු කල ඇති බවට තොරතුරු අනාවරණය වීමෙන් පසු සැකකාර ග්‍රාම නිළධාරීවරයා පසුගිය 02 දා සවස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නිවසේ උපකාර පංතිවලට සහභාගී වන වයස අවුරුදු 14 මාස 4 ක හා වයස අවුරුදු 14 යි මාස 03 ක දැරියන් දෙදෙනෙක් මෙලෙස ලිංගික අපයෝජනයට හා අතවරයට ලක් වී තිබෙනවා.

අම්බලන්තොට පොලිස් ස්ථානයේ ළමා හා කාන්තා කාර්යංශය මගින් ලබා ගත් කට උත්තර මත හා ස්ථානිය පරීක්ෂාවන්ට අනුව දැරියන් දෙදෙනා වෛද්‍ය පරීක්ෂණ  සඳහා හම්බන්තොට මහ රෝහල වෙත ඇතුලත් කල බවද පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකාර ග්‍රාම නිළධාරීවරයාද විවාහකයෙක් වනවා.

බාල වයස්කාර දැරියන් දෙදෙනෙක් මෙලෙස ලිංගික අපයෝජනය හා අතවර කිරීම සම්බන්ධයෙන් දණ්ඩ නීති සංග්‍රහයේ 345 සහ 365 යටතේ චෝදනා ගොනුකරමින් හම්බන්තොට මහේස්ත්‍රාත්වරයා හමුවට ඊයේ (03) ඉදිරිපත් කල බව අම්බලන්තොට පොලිස් සථානාධිපතිවරයා සඳහන් කළා.

 

Rate this item
(0 votes)