April 24, 2024

යලි ඇමතිකමක් ගැනීම ගැන විමල් සිය ස්ථාවරය කියයි: ගම්මන්පිල නිහඬවම සිටියි

ඉදිරියේදී යළි කැබිනට් ඇමැති ධුරයක් බාර ගන්නවාද නැද්ද යන්න පිළිබඳව ඇමති ධූරයෙන් ඉවත් කළ විමල් වීරවංශ අමාත්‍යවරයා සිය ස්ථාවරය පැහැදිලි කරා.

ඒ වත්මන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා යටතේ තමන් කිසි විටකත් යළි ඇමති ධූරයක් භාර නොගන්නා බවට.

වත්මන් ජනපති

වත්මන් ජනපතිවරයා මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා විසින් මෙහෙයවන බවයි වීරවංශ මහතා සඳහන් කරන්නේ.

වීරවංශ මහතා මේ අදහස් පළ කළේ ආණ්ඩුවේ සන්ධානගත පක්ෂ 11 විසින් පවත්වපු මාධ්‍ය හමුවේ නැගුණු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.

එහෙත් කැබිනට් ඇමති ධූරයෙන් ඉවත් කළ අනිත් ඇමතිවරයා වන උදය ගම්මන්පිල මහතා ඒ සම්බන්ධයෙන් කිසිදු ස්ථාවරයක් ප්‍රකාශ කළේ නැහැ.

ප්‍රශ්නය මග හැරීම

එම ප්‍රශ්නය ඔහුට සෘජුවම ඉදිරිපත් නොකළද එසේ සෘජුව ඉදිරිපත් නොකළ බොහෝ ප්‍රශ්න වලට ගම්මන්පිල මහතා පිළිතුරු දීම දක්නට ලැබුණා.

එහෙත් මේ ආණ්ඩුව යටතේ යළි ඇමති ධුරයක් භාරගන්නවද නැද්ද යන ප්‍රශ්නයට එසේ පිළිතුරු දීමට ඔහු ඉදිරිපත් වූයේ නැහැ.

විමල් වීරවංශ අමාත්‍යවරයාද එම ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ පොදුවේ නොව තමන් පමණක් පදනම් කරගෙනයි.

Rate this item
(1 Vote)