March 29, 2024

එස්.බී ට අධ්‍යාපනය දෙන්න යෝජනා වූ හේතුව

හදිසියේ සිදු වූ කැබිනට් මණ්ඩල සංශෝධනයේදී එස්.බී.දිසානායක මහතාටත් කැබිනට් ඇමැති ධුරයක් හිමි වුණා.

ඒ විමල් වීරවංශ මහතා දැරූ කර්මාන්ත අමාත්‍ය ධූරය.

යෝජිත ඇමති ධූරය

එහෙත් ජනපතිවරයා ඔහුට ලබා දීමට බලාපොරොත්තු වූයේ අධ්‍යාපන අමාත්‍යධූරය.

අධ්‍යාපන අමාත්‍ය ධුරය දරන දිනේෂ් ගුණවර්ධන මහතාට කර්මාන්ත අමාත්‍ය ධුරය ලබා දීමටයි ජනපතිවරයා බලාපොරොත්තු වුණේ.

එහෙත් දිනේෂ් ගුණවර්ධන මහතා අධ්‍යාපන ඇමති ධූරයෙන් ඉවත්වීමට අකමැති වීම මත දිසානායක මහතාට කර්මාන්ත ඇමැති ධුරයේ දිවුරුම් දීමට සිදු වුණා.

පිටුපස කතාව

දිසානායක මහතාට අධ්‍යාපන ඇමති ධූරය ලබාදීමට ජනපතිවරයාට තිබූ අවශ්‍යතාවය පිටු පස කතාව ඒෂියන් මිරර් වෙත වාර්තා වනවා.

වත්මන් අධ්‍යාපන අමාත්‍යාංශ විෂයට පාසල් පමණක් නොව විශ්ව විද්‍යාල පද්ධතියද ඇතුළත්.

දිසානායක මහතා පසුගිය කාල සීමාවේදී පුද්ගලික විශ්ව විද්‍යාල බිහි කිරිම , ඒවා පවත්වාගෙන යෑම ඇතුළු කරුණුවලින් සමන්විත ව්‍යාපෘති වාර්තාවක් ජනපතිවරයා වෙත ලබාදී තිබෙන බවයි දැනගන්නට තිබෙන්නේ.

ජනපතිගේ මතය

ඒ යෝජනාවලිය සම්බන්ධයෙන් ජනපතිවරයාගේද විශාල කැමැත්තක් තිබූ බවත් ආරංචි මාර්ග සඳහන් කරනවා.

පුද්ගලික විශ්ව විද්‍යාල ඇති කිරීමේ අවශ්‍යතාවය හා වැදගත්කම ජනපතිවරයා මීට ටික දිනකට පෙර ප්‍රසිද්ධියේම ප්‍රකාශ කර සිටියා.

එස්.බී.දිසානායක මහතා පුද්ගලික විශ්ව විද්‍යාල පද්ධතියක් රට තුළ ඇති කිරීම සම්බන්ධයෙන් දැඩි ස්ථාවරයක සිටින්නෙක්.

Rate this item
(2 votes)
Last modified on Friday, 04 March 2022 10:29