March 28, 2024

විමල් කියපු කතාවට මහ බැංකු අධිපති පිළිතුරු දෙන්න සූදානම්

ඊයේ (2) "මුළු රටම එක මගට" ප්‍රකාශනය සමාජගත කිරීමේ වැඩ කටයුත්ත මේ වන විට අර්බුද රැසක් නිර්මාණය කර අවසන්.

එහි ප්‍රතිඵලයක් ලෙස එම ප්‍රකාශනය සමාජගත කිරීමේ රැස්වීමේදී අදහස් දැක් වූ විමල් වීරවංශ හා උදය ගම්මන්පිල යන සිය අමාත්‍ය ධුරවලින් මේ වන විටත් ඉවත්කර අවසන්.

හෙළි කළ කරුණ

එම රැස්වීමේදී වීරවංශ මහතා විශේෂ කරුණක් හෙළිදරව් කළා.

ඒ මුදල් ඇමති ඇමැති බැසිල් රාජපක්ෂ මහතා හා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා අතර තිබෙන අර්බුදයක් පිළිබඳව.

රට මුහුණ දෙමින් සිටින ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් මීට මාස හයකට පෙර සිටම මහ බැංකු අධිපතිවරයා මුදල් ඇමතිවරයාව දැනුවත් කළ බවත් මේ සඳහා ලිපි 9 ක් යැවූ බවත් වීරවංශ මහතා එහිදී හෙළිදරව් කළා.

අවස්ථාවක් නොදීම

රටේ ඇතිව තිබෙන ආර්ථික අර්බුදය පිළිබඳව කරුණු කීමට බැසිල් රාජපක්ෂ මහතාව හමු වීමට කබ්රාල් මහතාට අවස්ථාවක් ලබා නොදෙන බවට තොරතුරුද වීරවංශ මහතා එහිදී අනාවරණය කළා.

විරවංශ මහතාගේ මෙම කරුණු දැක්වීමෙන් සනාථ වූයේ මුදල් ඇමතිවරයා හා මහ බැංකු අධිපතිවරයා අතර ප්‍රශ්නයක් තිබෙන බවයි.

මේ සම්බන්ධයෙන් කබ්රාල් මහතාගෙන් මාධ්‍ය අද (3) විමසීමක් කළ අතර ඊට හෙට (4) මාධ්‍ය හමුවක් තබමින් තමන් පිළිතුරු දෙන බවයි ඔහු සඳහන් කළේ.

Rate this item
(2 votes)
Last modified on Friday, 04 March 2022 07:10