April 25, 2024

නඩුවක් නිසා කම්බස් වූ බුලත්සිංහල ප්‍රාදේශීය සභාව : වන්දිය ලක්ෂ 102 යි

February 25, 2022

මිනිසෙකුගේ උපතේ සිට මරණය දක්වාම කටයුතු කල යුතු යුතු බව පැවසෙන ප්‍රාදේශීය සභාවට පැවරෙන බලතල වරප්‍රසාද කිසිවෙකු දැනසිටියේ නැත. එවැන අවධියක 1992 වර්ශයේ බුලත්සිංහල පළමු ප්‍රාදේශීය සභාපතිවරයා ලෙස තේරී පත්වූ යූ.එන්.ආර්.ජයතිස්ස මහතාට එවැනි අභියෝගයට මුහුණ පෑමට සිදුවිය.

බුලත්සිංහල ක්‍රීඩාපිටියට යාබද ඉඩම පුද්ගලික දේපල සමාගමක් මිලදී ගෙන කට්ටි කඩා සංවර්ධන කර විකිණීම ඇරඹීය. එය පළමු බිම් සැලැස්ම කට්ටි සැලසුම් අනුමැතිය සදහා ප්‍රාදේශීය සභාවට ලිපිගොනු ඉදිරිපත් කල යුතුය. මෙය ප්‍රාදේශීය සභා පමණක් නොව නගර සභා මහ නගර සභා වලටද අදාලය සෑම ඉඩම් වෙන්දේසියකදීම අදාල පලාත් පාලන ආයතනය මගින් බිම්කට්ටි අනුමත කල යුතුය. එසේ නොවුනහොත් බිම් කොටස් මිලදී ගන්නා ගැනුම්කරුවන්ට බැංකු ණය පහසුකම් ලබාගැනිමේදී පවරා නොගැනිමේ සහතිකය හෙවත් වීතිරේඛා සහතිකය ලබාගත නොහැක. නමුත් මේ පිළිබද එතරම් දැනීමක් නොතිබුණු නවක සභාපතිවරයා බිම්කොටස් සැලසුම් අනුමත කිරීමට සංතෝශම් ඉල්ලා හෝ නොඉල්ලා දිනෙන් දින එය අතපසු කලේය. පසුව එය නීතයානුකූල නොවන පරිදි සභාපතිවරයා එවකට සිටි උපසභාපති පී. නඩේශන් මහතාගේ අනුමැතිය සදහා බලය පවරා ඇති මුත් එය නීතයානුකූල බලයක් නොමැති බවත් එය දින වකවානු නොදමා අනු අත්සන් කිරීම නිසාත් ඉඩම් කට්ටි විකිණීමට ඉඩම් සමාගමට නොහැකි විය. දිනෙන් දින මාසෙන් මාසය වර්ශයෙන් වර්ශය අනුමැතිය පමාවීම නිසා ඉඩම් දේපල සමාගම ප්‍රාදේශීය සභාවට වැද නමස්කාර කලේ නැත. ප්‍රාදේශීය සභාවද එය තුට්ටුවකටවත් සැලකිල්ලක් දැක්ක්වුයෙ නැත්තේ ඇත්තෙන්ම නොදැනුවත්කමත් බැරෑරුම් කමත් නොදන්නා නිසා විය හැක. කාලය මෙසේ වසර 10ක් පමණ ගතවිය.

දිසා අධිකරණයේ නඩුව

ඉඩම් දේපළ සමාගම 2004 වසරේදී තම ආයෝජනයට සිදුවූ හානිය ලබාගැනීම සදහා ප්‍රාදේශීය සභාවට එරෙහිව නඩුමගට පිවිසියේ මතුගම දිසා අධිකරණයේ නඩු අංක L3143 යටතේ නඩුවක් පවරමිණි.

එවකට සභාපතිවරුන් දෙතුන් දෙනෙකු යටතේ සභාව පාලනය වූවත් මේ පිළිබදව සැලකිල්ලක් දැක්වූයේ නැත. නඩුව සදහා ප්‍රාදේශීය සභාවේ සේවය කරන ආදායම් නිලධාරීන් නඩුවට පෙනී සිටිඅතර සභාපතිවරුන් කිහිපදෙනෙකුගේ කාලයතුලදී නොවිසිදුනු නඩුව ඊලගට පත්වු සභාපති තුසිත කුලරත්න මහතාගේ කාලයේදී සභාව ඉන් නිදොස් කෙරෙණි. 2011/09/14 දින මතුගම දිසා අධිකරණයේ නඩු තීන්දුව ප්‍රකාශයට පත්කලේ නඩු තීන්දුව නිදොස් කොට නිදහස් කර 2012/02/02 දින සභාවට දැනුම්දී ඇත.මේ පිළිබද තුසිත කුලරත්න මහතාගෙන් විමසීමේදී ඔහුකියා සිටියේ තමාකාලයේ එම නඩුවෙන් සභාව ජයග්‍රහණය කල බවත් ඉන් පසුව ඉඩම්දේපල සමාගම නොයෙක් වරදාන වරප්‍රසාද තමාට ඉදිරිපත් කරමින් වැද වැටුනු නමුත් සභාපතිවරයා ලෙස කෙලින් සිට ඒවාට ශක්තිය ලබානොදුන් බවයි.

කරුණු එසේ තිබියදී ඉඩම් දේපල සමාගමට සිදුවූ හානිය අයකර ගැනීම සදහා දෙවන වරට ඉඩම් දේපල සමාගම 2011/11/11 දින කළුතර සිවිල් අභියාචනාධිකරණයේ නඩු අංක 165/01 යටතේ ඇපෑලක් ගොනුකරමින් නඩුව නැවතත් ඉදිරියට ගෙනගියේය. කෙසේ වෙතත් මේ වෙනුවෙන් එවකට උසාවිය නියෝජනය කල ආදායම් පාලකවරයා වෙනුවට කාර්මික නිලධාරීවරයෙකු අධිකරණයේ කරුණු වාර්තා කිරිමටයෙදවීය. කෙසේ නමුත් සභාවේ අක්‍රමිකතා හේතුවෙන් නඩු දින හා නඩු වාර්තා ප්‍රමාදය වැනි කරුණු නිසා අධිකරණය අඛණ්ඩව නඩුව ගෙන ගියේය. නැවතත් වසර 4කින් පසු සභාපති තුසිත කුලරත්න මහතා සභාපති තනතුරට පත්වු අතර අයවැය පරාජය වීමෙන් එවකට අධයාපන ඇමතිව සිටි බුලත්සිංහල ආසන සංවිධායකවරයා අතර ඇතිවූ මත ගැටුම් හේතුවෙන් වසර තුනකින් පමණ සභාපතිවරයා බලයෙන් පැහැර හැර ආසන සංවිධායකවරයා හිතවත් හිටපු උපසභාපති ඉන්දික හේවගෙ මහතා සභාපති ලෙස කටයුතු කලේය. පසුව 2015 වසරේ සිට ප්‍රාදේශීය සභා කොමසාරිස්වරයෙකු යටතට පත්කර කොමසාරිස්වරයෙකු යටතේ පාලනය සිදුවිය.

නඩුවේ තීන්දුව

නැවතත් 2018 පැවැත්වූ පලාත් පාලන මැතිවරණයෙන් ඉන්දික හේවගෙ මහතා සභාපති තනතුරට පත්විය.

නව ප්‍රාදේශීය සභාවේ පොදුජන එක්සත් පෙරමුණ මන්ත්‍රීවරුන් සභාපතිවරයා ඇතුළුව 12 දෙනෙකුද ජනතා විමුක්ති පෙරමුණෙන් එක් මන්ත්‍රී වරයෙක්ද ශ්‍රී.ල.නි.ප යෙන් මන්ත්‍රින් තුන්දෙනෙක්ද සමගි ජන බලවේගයෙන් මන්ත්‍රීන් 7 දෙනෙකුද සභාවට තේරීපත්විය. මේ කාලය තුලදී ඉඩම් දේපළ සමාගම පවරා තිබූ නඩුවේ තීන්දුව 2018/08/27 වන දින ප්‍රකාශයට පත්කලෙ අසාධාරණයට ලක්වූ ඉඩම්දේපල සමාගමට රැපියල් එක්කෝටි දෙලක්ශයක් ගෙවන ලෙස දන්වා එවමිනි. එම තීන්දු ලිපිය 2019/01/24 දින සභාවට ලැබුණු අතර මේ වන විට නීති ගාස්තු වශයෙන් සභාව විසින් රැපියල් 94,500ක් වැයකෙරිණි.

සභාපති ඉන්දිකගේවගේ මහතා 2019/05/19 වන දින මහ සභාවට මෙය ඉදිරිපත් කරමින් බුලත්සිංහල ප්‍රාදේශීය සභාවට අයත් පොදු ක්‍රිඩාපිටියට යාබද ඉඩම බිම් කොටස් කර විකිණීමෙදී 1992 වර්ශයේ ඉදිරිපත් කරනලද මුලු බිම් කට්ටි සැලසුම් ප්‍රාදේශීය සභාවේ ගරු උපසභාපති තුමාගේ අනුමැතිය නීතයානුකූල නොවීම හේතුවෙන් ඉඩම් කට්ටි කොටස් කර විකිණීමට අදාල අවසරය ලබා නොදීම නිසා ඊට අදාල ගුරුගේදේපල සමාගම විසින් මතුගම දිසා අධිකරණයේ ගොනුකෙරූ නඩුඅංක 3145 යටතේ හා කළුතර සිවිල් අභියාචනාධිකරණයේ නඩු අංක 165/01 යටතෙ නඩු පවරා ඇති අතර මේ වන විට අවසන් තින්දුව ප්‍රකාශයට පත්කර ඇත ඒ අනුව මෙහේ ආරම්භයේ සිට තීන්දුව ප්‍රකාශයට පත්වී අවසන්වනතුරු සිදුවි ඇතිකරුණු සම්බන්ධයෙන් බස්නාහිර පළාත් ආන්ඩුකාරතුමා මගින් විමර්ශන සිදුකර වාර්තාව ලබාදෙන්නැයි සභාවට යෝජනා කෙරෙණි.

ප්‍රාදේශීය සභාවේ වත්කම්

නමුත් විමර්ශනය වන විටත් මුදල් ගෙවීම සිදුකල යුතුව තිබිණි. ඒ අනුව සභාපතිවරයා ඇතුළු මන්ත්‍රීන් අදාල දේපල හිමිකරු වෙතගොස් ඔහු ඉදිරියේ පුදපූජ තබා බැගැපත්ව වැදවැටී ඉල්ලා සිටියේ ප්‍රාදේශීය සභාවේ මෙතරම් වත්කම් නොමැති බවයි. පසුව මන්ත්‍රීන් හා සභාපතිවරයා ඉඩම් සමාගම සමග කල සාකච්ඡා ප්‍රතිඵල වශයෙන් දණ්ඩනය වූ රැපියල් එක්කෝටි දෙලක්ශයෙන් රැපියල් ලක්ශ 70ක් ගෙවීමට එකගවිය.

එවකට මහජන බදුමුදලින් රැපියල් ලක්ශ 35ක එක්‍ රැස් වී තිබූ ස්ථාවර තැන්පතු නම් පිංකැටය කඩා 2019/11/14 දින මහසභ වාර්තාවට අනුව ඉඩම්දේපල සමාගමට බන්දේසියක් මත තබා පරිත්‍යාග කල අතර ඉතිරිය රැපියල් ලක්ශ 35 රැපියල් 241,111/=බැගින් මාසිකවාරික බැගින් ගෙවීමට එකගවිය. දැන් මාසයකට මහජන බදුමුදල් රැපියල් 241,111/=බැගින් එම සමාගමට ගෙවති. තවමත් ගෙවා අවසන් කර නැතැයි පැවසේ.

Rate this item
(1 Vote)
Last modified on Friday, 25 February 2022 13:23