April 25, 2024

ඇමති ජී.එල් වැඩ ගැන නෙදර්ලන්ත විදේශ ඇමති සතුටින්

February 24, 2022

පැරිසියේ ප්‍රංශ ජනරජ විදේශ අමාත්‍යාංශයේ දී පැවති ඉන්දු පැසිෆික් කලාපයේ සහයෝගිතා අමාත්‍ය සංසදයට සමගාමීව විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා නෙදර්ලන්ත විදේශ අමාත්‍ය වොප්කේ හොක්ස්ට්‍රා මහතා සමඟ සංවාදයක නිරත විය.

මහාචාර්ය පීරිස් මහතා නෙදර්ලන්ත විදේශ අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කළ කරුණු අතර කිරි ගොවිතැන, උද්‍යාන විද්‍යාව, කෘෂිකාර්මික කර්මාන්තය, සංචාරක කර්මාන්තය, ඉරැස්මස් ශිෂ්‍යත්ව ඇතුළු උසස් අධ්‍යාපනයේ මුලපිරීම් සහ උරුම ස්ථාන සහ සංස්කෘතික කෞතුක භාණ්ඩ සංරක්ෂණය සම්බන්ධයෙන් විශේෂයෙන් සඳහන් කරමින් සමස්ත සංස්කෘතික සහයෝගීතා ක්ෂේත්‍රය ඇතුළත් විය.

ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධි නිබන්ධනයේ විෂය වූ රෝමානු-ලන්දේසි නීතිය පිළිබඳව මහාචාර්ය පීරිස් මහතා දරන ප්‍රාමාණික තත්ත්වය සහ නෙදර්ලන්තයේ ප්‍රමුඛ පෙළේ විශ්වවිද්‍යාලවල වසර ගණනාවක් පුරා පවත්වන ලද දේශන පිළිබඳව නෙදර්ලන්ත විදේශ අමාත්‍යවරයා පීරිස් අමාත්‍යවරයාට ප්‍රශංසා කර තිබෙනවා.

නුදුරු අනාගතයේ දී කොළඹට පැමිණෙන ලෙස ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරයා කළ ආරාධනය නෙදර්ලන්ත විදේශ අමාත්‍යවරයා සතුටින් පිළිගෙන තිබෙන බව විදේශ අමාත්‍යාංශය සඳහන් කළා.

Rate this item
(0 votes)