April 19, 2024

ආණ්ඩුවේ මන්ත්‍රී කල්ලියක් තමන් වෙනුවෙන් නව තනතුරක් ඉල්ලයි: තනතුරේ නමත් යෝජනා කරයි

February 22, 2022

මෙරට දේශපාලන පක්ෂ බොහෝමයක් තනතුරු ඇති කරන්නේ අවශ්‍යතාවයට නොව පුද්ගලයන් සතුටු කරන්නට.

ආණ්ඩුකරණ පක්ෂය කියා එහි වෙනසක් නැහැ.

නව තනතුරක්

රට පාලනය කරන පොදු ජන පෙරමුණ ආණ්ඩුවේම මන්ත්‍රීවරු පිරිසක් තමන් වෙනුවෙන් නව තනතුරක් නිර්මාණය කරන ලෙස ඉල්ලා තිබෙනවා.

ඒ අගමැතිවරයාගෙන් හා බැසිල් රාජපක්ෂ ඇමතිවරයාගෙන්.

ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 20 දෙනෙකු පමණ ඇතුළත් වන මෙම කණ්ඩායම මේ දෙදෙනාගෙන් ඉල්ලා තිබෙන්නේ "ආසන සංවිධායක" ධුරයට අමතරව "ආසන කැඳවුම්කරු" ලෙස තමන් වෙනුවෙන් නව තනතුරක් ඇති කරන ලෙසටයි.

දේශපාලන අයිතිය

ඊට හේතුව ලෙස ඔවුන් පෙන්වා දී තිබෙන්නේ මන්ත්‍රී කම හැර වෙනත් කිසිදු තනතුරක් නොමැති හෙයින් තමන්ගේ දේශපාලන අයිතීන් අහිමි වී ඇති බවයි.

මේ හේතුව නිසා ආසන සංවිධායකවරයෙකු ලෙස කටයුතු කිරීම , ශාඛා කාර්යාල පැවැත්වීම , රැස්වීම් පැවැත්වීම , පක්ෂ සංවිධාන කටයුතු හා සාමාජිකයන් හමු වීම ආදි කිසිවක් තමන්ට කර ගැනීමට නොහැකි වී ඇති බව එම මන්ත්‍රී පිරිසගේ අඳෝනාව වනවා.

මාතර දිස්ත්‍රික්කයේ වීරසුමන වීරසිංහ , ගම්පහ දිස්ත්‍රික්කයේ නලින් ප්‍රනාන්දු , කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රේමනාත් සී දොලවත්ත , කුරුණෑගල දිස්ත්‍රික්කයේ සමන්ප්‍රිය හෙරත් යන මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් එම ඉල්ලීම කළ කණ්ඩායමට ඇතුළත්.

Rate this item
(4 votes)
Last modified on Tuesday, 22 February 2022 16:14