April 16, 2024

ඉඩම් නැති ජනතාවට දුන්නු දීමනා පත්‍ර අවුරුදු 38ක් හමස් පෙට්ටියේ! හිටපු ජනපතිවරු අත්සනුත් කරලා

February 19, 2022

ඇල්පිටිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ ඉඩම් නොමැති ජනතාවට ලබාදි තිබු ඉඩම් කට්ටි වෙනුවෙන් පිළියෙල කළ දීමනා පත්‍ර 445ක් වර්ෂ 38 කාලයක සිට අදාල ප්‍රතිලාභින්ට බෙදාදිමට නොහැකි වී ඇතැයි ඒෂියන් මිරර් වෙත වාර්තා වනවා.

ජාතික විගණන කාර්යාලය මගින් 2020 වර්ෂයට අදාලව නිකුත් කර ඇති විගණන වාර්තාවක මේ බව සදහන්.

එම දිමනා පත්‍ර ජනාධිපතිවරයා විසින් 1982 හා 2009 අතර කාලය තුලදි අත්සන් කර තිබු අතර දීමනා පත්‍ර 02ක් අත්සන් කර නොතිබු බවද විගණන වාර්තාවේ දැක්වෙනවා.

ඉහත දීමනා පත්‍ර අතුරින් දීමනා පත්‍ර 142ක් ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයේ ලියාපදිංචි කර තිබු අතර දීමනා පත්‍ර 303ක් ලියාපදිංචි කිරිමේ කටයුතු සිදුකර නොතිබු බවද විගණනය මගින් අනාවරණය කොට තිබෙනවා.

මේ පිළිබද ඇල්පිටිය ප්‍රාදේශිය ලේකම් චතුරංග ගුණසේකර මහතාගෙන් ඒෂියන් මිරර් කළ විමසුමකදි මෙසේ අදහස් පළ කළා.

"මේ ගැටළුව කාලයක් තිස්සේ පවතින ගැටළුවක් ඇතැම් දීමනා පත්‍රකරුවන් ඉදිරිපත් නොවිම මෙම දීමනා පත්‍ර සම්බන්දව කටයුතු කිරිමේ දි ගැටළුවක් වි තියෙනවා. ඇතැම් පුද්ගලයින් මිය ගිහින් තියෙනවා. පුද්ගලයින් හොයා ගන්න බැහැ."

"ඒ අයගේ අයිතිය තහවුරුකළ යුතුයි. එවැනි අවස්ථාවකදි පනතේ විධිවිධාන අනුව උරුමකරුවන් සොයාගෙන තමයි කටයුතු කළයුත්තේ. ඇතැම් දීමනාපත්‍රවල නමින් ඉඩමකුත් නැහැ පුද්ගලයකුද නැහැ. එවැනි ඔප්පු ජනාධිපති කාර්යාලයට  යවා අවලංගු කළ යුතුයි. ජයභුමි දීමනා පත්‍ර තමයි ලබාදිමට තියෙන්නේ. මේ වනවිට 50 දෙනෙකුට පමණ දීමනා පත්‍ර ලබාදිලා තියෙනවා. මේ වනවිට සියලු ඉඩම් දිමනා පත්‍ර ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයේ ලියාදිංචි කරලා තියෙනවා. ඉතිරි දිමනා පත්‍ර ලබාදිම සදහා වැඩපිළිවෙලක් සකස්කොට තියෙනවා " යැයිද ප්‍රාදේශිය ලේකම්වරයා වැඩිදුරටත් සදහන් කළා.

Rate this item
(0 votes)