April 18, 2024

මාව මහ ඇමති කලේ සිරිසේන නෙමෙයි: පේෂලගෙන් තවත් හෙළිදරව්වක්

February 16, 2022

තමාව උතුරු මැද පළාතේ මහ ඇමතිවරයා ලෙස පත් කළේ හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා බවට පළවන මතය බොරුවක් බව පේෂළ ජයරත්න මහතා අනාවරණය කරනවා.

ඔහු එසේ සඳහන් කරන්නේ තමා එම ධුරයට පත් වූ ආකාරයද හෙළිදරව් කරමින්.

මහ ඇමති වූ හැටි

2015 ජනපතිවරණයේ පසු තමාට පළාත් සභාවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් 18 දෙනෙකු සහය දෙන බවට ලබා දුන් දිවුරුම් ප්‍රකාශ මත තමන් මහ ඇමති වූ බවයි ඔහු සඳහන් කරන්නේ.

එහි දී එවකට සිටි මහ ඇමති එස්.එම්.රංජිත් මහතාව තමා හමු වී මහ ඇමැති ධුරය සම්බන්ධයෙන් කතා කළ බවත් ජයරත්න මහතා සඳහන් කරනවා.

නව ජනපති වරයෙක් පත් වී සිටින බැවින් ඔහු සමග වැඩ කරන ලෙසත් එසේත් නැතිව දිගටම මහින්ද රාජපක්ෂ මහතා සමග සිටින්නේ නම් මහ ඇමති ධූරයෙන් ඉවත් වෙන ලෙස තමා රංජිත් මහතා සමග කළ සාකච්ඡාවේදී ප්‍රකාශ කළ බවයි ඔහු වැඩිදුරටත් සඳහන් වැඩි දුරටත් සඳහන් කරන්නේ.

හිටපු ජනපති සැලකූ හැටි

ඒ අනුව මහ ඇමති බල හුවමාරුව ඉතා සුහදව කළ බව සදහන් කරන ජයරත්න මහතා එම සිද්ධියේදීද තමාට හිටපු ජනපතිවරයා සැලකූ ආකාරය පිලිබඳවත් කරුණු හෙළිදරව් කරනවා.

තමා මහ ඇමති ධූරයේ දිවුරුම් දීම සඳහා කොළඹට පැමිනෙන්නට එවකට ජනපති සිරිසේන මහතාගෙන් ඇසූවිට එසේ පැමිණීම අවශ්‍ය නොවන බවත් අනුරාධපුරයේදී දිවුරුම් දෙන ලෙසත් සදහන් කළ බවයි ජයරත්න මහතා හෙළි කරන්නේ.

ඒ අනුව තමා එවකට සිටි උතුරු මැද ආණ්ඩුකාරවරයා ඉදිරියේ දිවුරුම් දුන් මුත් බස්නාහිර , වයඹ , දකුණු ආදී පළාත්වල මහ ඇමතිවරු කොළඹට ගෙනවිත් දිවුරුම් දීමට සිරිසේන මහතා කටයුතු කළ බවත් ජයරත්න මහතා පෙන්වා දෙනවා.

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 16 February 2022 09:59