April 19, 2024

පොහොට්ටුවේ රැළිය ගැන ජනපතිට ප්‍රශ්නයක්: රැළි මාලාව කල් යන හැඩ

February 13, 2022

පොදු ජන පෙරමුණ මැතිවරණයෙන් පසු පැවැත්වූ පළමු රැලිය අනුරාධපුරයේ සල්ගාදු ක්‍රීඩාංගනයේ පැවැත්වූවා.

ඒ ඉකුත් 9 වැනිදා.

රැළි මාලාව

එම රැලිය පොදු ජන පෙරමුණේම සාමාජිකයින් පමණක් නියෝජනය කරන රැළියක් ලෙසයි පැවැත්වුණේ.

අනුරාධපුරයෙන් ආරම්භ කළ රැලි රට පුරාම පැවැත්වීමට පොදුජන පෙරමුණේ සූදානම්.

එහෙත් ජනපතිවරයා ඒ සම්බන්ධයෙන් ලබා දුන් උපදෙසක් මත පොදුජන පෙරමුණේ මීළඟ රැලි මාලාව කල් යාමට ඉඩ ඇති බව ආරංචි මාර්ග සඳහන් කරනවා.

ජනපතිගේ යෝජනාව

දැනගන්නට තිබෙන ආකාරයට රැලි මාලාවක ප්‍රථම රැලිය ලෙස අනුරාධපුරය පැවැත්වූ රැලිය පිළිබඳව ජනපතිවරයා සිටින්නේ එතරම් සතුටකින් නොවෙයි.

ඒ අ.පො.ස උසස් පෙළ විභාහගය පැවැත්වෙන කාලය තුළ මෙම රැලි පැවැත්වීම හේතු කොටගෙන.

මාස 5ක් ප්‍රමාද වූ අපොස උසස් පෙළ විභාහගය අවසන් වීමෙන් පසු මෙම රැලි මාලාව ආරම්භ කළා නම් වඩා හොඳ බව ජනපතිවරයා රැලි මාලාව සංවිධානය කරන පිරිස් වෙත දැනුම් දී ඇති බව දැනගන්නට තිබෙනවා.

අවට පාසල් හයක්

අනුරාධපුරයේ සවස 2 ට පටන් ගැනීමට තිබුණු රැලිය සවස 4 ට පටන් ගත්තෙත් විභාගයට පෙනී සිටි පාසැල් දරුවන්ට කරදරයක් නොවිය යුතු නිසා බවයි දැනගන්නට තිබෙන්නේ.

අනුරාධපුරයේ රැස්වීම පැවැත් වූ සල්ගාදු පිටිය අවට අපොස උසස් පෙළ විභාහගය පැවැත්වූ පාසල් 6 ක්ම තිබුණු බවයි වාර්තා වන්නේ.

පොදුජන පෙරමුණේ මීළඟ රැළිය පවත්වන දිනය හා ස්ථානය තවමත් ප්‍රසිද්ධියට පත් කොට නැහැ.

Rate this item
(3 votes)
Last modified on Sunday, 13 February 2022 08:41