April 25, 2024

බලශක්ති ව්‍යාපෘති 58ක ඉදිකිරිම් නතර වෙලා! මෙගාවොට් 129ක් අහිමි වෙයි

February 11, 2022

බලශක්ති බලපත්‍ර නිකුත් කළද විවිධ හේතුන් නිසා නව පුනර්ජනනිය බලශක්ති ව්‍යාපෘති 58ක ඉදිකිරිම් කටයුතු නතර වි ඇති බව ජාතික විගණන කාර්යාලයේ නවතම විගණන වාර්තාවක සදහන් වනවා.

මෙම තත්වය නිසා මෙකී ව්‍යාපෘති 58 මගින් සැපයෙන මෙගාවොට් 129.75ක විදුලි ධාරිතාවය ජාතික විදුලිබල පද්ධතියට එක් කිරිමට නොහැකිවි ඇති බවද විගණනය මගින් අනාවරණය කර තිබෙනවා.  

බලශක්ති බලපත්‍රය ලබාදෙන අවස්ථාව වන විට මධ්‍යම පරිසර අධිකාරිය, වන සංරක්ෂණ දේපාර්තමේන්තුව හා වනජිවි දේපාර්තමේන්තුව යන ආයතන වලින් ලබාගෙන ඇති අනුමත කාලය ඉකුත්විම නිසා නැවත අනුමැතිය දිර්ඝ කර ගැනිමට ව්‍යාපෘති සංවර්ධනකරුට සිදුවනවා.

එහිදි අදාල ආයතන මගින් අනුමැතිය ලබාදිම දිර්ඝ කිරිම, ප්‍රතික්ෂේප කිරිම හා ප්‍රමාද කිරිම නිසා ඉදිකිරිම් කටයුතු ආරම්භ නොකල මෙගාවොට් 23 ධාරිතාවයක් සහිත ව්‍යාපෘති සංඛ්‍යාව 13ක්.

ඉඩම් අත්පත් කරගැනිමේ ප්‍රමාදයන් හේතුවෙන් මෙගාවොට් 13ක ධාරිතාවයක් සහිත ව්‍යාපෘති 12ක ඉදිකිරිමි කටයුතු නතර වි තිබෙනවා.

ලංකා විදුලිබල මණ්ඩලය විසින් බලශක්ති මිලදි ගැනිමේ ගිවිසුම අත්සන් නොකිරිම නිසා මෙගාවොට් 80ක ධාරිතාවයක් සහිත ව්‍යාපෘති 25ක් හා අනෙකුත් විවිධ හේතුන්මත මෙගාවොට් 14ක ධාරිතාවයක් සහිත ව්‍යාපෘති 08ක ඉදිකිරිම් කටයුතු ඇණහිට ඇති බවද විගණනය මගින් අනාවරණය කර තිබෙනවා.

Rate this item
(0 votes)
Last modified on Saturday, 12 February 2022 00:37