April 20, 2024

ඊශ්‍රායලයේ තානාපති ඇමැති ජී.එල්. හමුවෙයි

February 05, 2022

ශ්‍රී ලංකාව සඳහා සමගාමීව අක්ත ගන්වන ලද ඊශ්‍රායල් රාජ්‍යයේ තානාපති නාඕර් ඉට්සැක් ගිලොන් මහතා පෙරේදා (03) විදේශ අමාත්‍ය මහචාර්ය ජී.එල්.පීරිස් මහතා හමුවී දෙරටෙහි අන්‍යෝන්‍ය අවශ්‍යතා ආශ්‍රිත කරුණු පිළිබඳව සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. 

අභිනව තානාපතිවරයාට සුබ පැතූ විදේශ අමාත්‍යවරයා, ඊශ්‍රායලය සමඟ ශ්‍රී ලංකාව පවත්නා හවුල්කාරිත්වය තවදුරටත් ඉහළ නැංවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සතු කැපවීම පිළිබඳව යළි තහවුරු කළා.

දෙරටෙහි ප්‍රයෝජනය සඳහා වෙළෙඳාම, ආයෝජන, සංචාරක ව්‍යාපාරය සහ තාක්ෂණ සහයෝගිතාව ප්‍රවර්ධනය කිරීම පිළිබඳව ද අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළා.

 

Rate this item
(0 votes)
Last modified on Monday, 07 February 2022 19:40