April 25, 2024

ගෝඨා - මහින්ද හමුවක් සූදානම්! තවත් අයෙකුගේ ඇමතිකම ගලවන්න සැරසෙයි! Featured

වත්මන් ආණ්ඩුව නියෝජනය කරන රාජ්‍ය අමාත්‍යවරයෙකු සම්බන්ධව ආණ්ඩුවේ ප්‍රධානීන් විසින් දැඩි පියවරක් ගැනීමේ සූදානමක් ඇති බව ඒෂියන් මිරර් වෙත වාර්තාවනවා.

ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග ප්‍රකාශ කළේ ඒ අනුව ඔහු දරන රාජ්‍ය අමාත්‍ය ධූරය ඉවත් කිරීමට ආණ්ඩුව පියවර ගැනීමට බොහෝ දුරට ඉඩ ඇති බව යි.

එතනෝල් ව්‍යාපාරිකයෙකු හා සම්බන්ධ සිදුවීමක් හේතුවෙන් අදාළ රාජ්‍ය අමාත්‍යවරයා මෙම ඉරණමට ලක් වීමට නියමිත බව සඳහන්.

කළ වැරැද්ද

එම එතනෝල් ව්‍යාපාරිකයා සිදු කර ඇතැයි කියන නීති විරෝධී කටයුත්තක් සම්බන්ධව ඔහුව අත්අඩංගුවට ගැනීමට පොලීසිය සෙවීම් ආරම්භ කොට ඇත්තේ මීට කලකට පෙර යි.

අනතුරුව ඔහු නීතියෙන් බේරීම සඳහා විදෙස්ගතව වී සැඟව සිට තිබෙනවා.

එවන් පසුබිමක ඔහු මෙරටට යළි පැමිණ අවස්ථාවේ දී අදාළ රාජ්‍ය අමාත්‍යවරයා පියවර ගෙන ඇත්තේ ව්‍යාපාරිකයාව කටුනායක ගුවන් තොටුපොළේ ප්‍රභූ පර්යන්තය හරහා රට තුළට ඇතුළු කර ගැනීමට යි.

ඉන් අනතුරුව අදාළ ව්‍යාපාරිකයා දේශපාලනඥයන් මාර්ගයේ පොලීසියට භාර වී ඇති අතර පසුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේවන විට ඇප මත මුදා හැර ඇති බව සඳහන්.

කෙසේ වෙතත් ඔහු මෙරටට පැමිණි අවස්ථාවේ දී ගුවන් තොටුපොළේ ප්‍රභූ පර්යන්තය හරහා ඔහුව රට තුළට කැඳවාගත් සිද්ධිය සම්බන්ධව බුද්ධි අංශ ද සොයා බලා තිබෙනවා.

ඒ අනුව එම සිද්ධිය සම්බන්ධයෙන් සම්පූර්ණ බුද්ධි අංශ වාර්ථාවක් මේවන විටත් ලැබී ඇති බව සඳහන්.

ලඟදීම වැඩ වරදියි

මේවන විට ජනාධිපතිවරයා මෙම සිද්ධිය පිළිබඳ දැනුවත් බවත්, නුදුරේ දීම ජනාධිපතිවරයා විසින් මේ පිළිබඳව කැබිනට් මණ්ඩලයට දැනුම් දීමට නියමිත බවත් ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග ප්‍රකාශ කළා.

එමෙන්ම මෙම රාජ්‍ය අමාත්‍යවරයා පිළිබඳව ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා සමග ද සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇති බවයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ.

එම සාකච්ඡාවෙන් අනතුරුව ඔහුගේ තනතුර සම්බන්ධව දැඩි පියවරක් ගැනීමට නියමිතව ඇති බව පැවසෙනවා.

Rate this item
(0 votes)
Last modified on Saturday, 29 January 2022 20:04

Related items