April 24, 2024

200ටත් හාල් ගන්න බැරි වෙන ලකුණු!

රජය රුපියල් 75 කට වී මිලදී ගන්නා බව පැවසුවත් ගොවියා එම මිලට වී අලෙවි කිරීමට කිසිදු සූදානමක් නැති බව පොලොන්නරුවේ ගොවීහු පවසනවා.

රුපියල් ලක්ෂ ගණනින් පාඩු වුවත් එක් ගොවියකුට රුපියල් 50,000ක් පමණ අඩු මුදලක් දී ගොවියා රැවැට්ටීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවත් එයට සිය විරෝධය පළ කරන බවත් ගොවීහු පෙන්වා දෙනවා.

එහි දී අදහස් දැක්වූ පරාක්‍රම සමුද්‍ර ව්‍යාපාර ගොවි සංවිධානයේ සභාපති ජගත් අරුණ කීර්ති මහතා,

"අද ගොවියන්ට සිද්ධ වෙලා තියෙන දේ ගැන ආණ්ඩුවට වගේ වගක් නෑ. අපි කාබනික වගාව ගැන මුල ඉඳන් කිව්වා. දැන් අස්වැන්න නෙළන අනෙකුත් දිස්ත්‍රික්කවල අස්වනු දිහා බැලුවාම සියයට 50 කට වැඩිය අඩු වීමක් පේනවා. මේකට විකල්පයක් විදිහට කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහත්තයා කියනවා රුපියල් මිලියන 40,000ක් වෙන් කරා. ගොවියන්ට වන්දි දෙන්න.

මේ වහලා ගැහිල්ලක් කරන්නේ. ශ්‍රී ලංකාවෙම ගොවි ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා මේ ඇමැතිවරයාගේ කතාව හොඳින් අධ්‍යයනය කරන්න කියලා. ගොවීන්ට වන්දි දෙන්න වෙන් කරපු මුදලින් එක ගොවිකෙුට ලැබෙන්නේ රුපියල් 50,000යි. මේ 50,000 ගන්න ගොවියා මේ වෙනකොටත් හෙක්ටයාරයකට රුපියල් ලක්ෂ දෙක හමාරක් විතර වියදම් කරලා තියෙන්නේ. අස්වැන්නෙන් සියයට 50ක් අඩු වෙලා."

Rate this item
(1 Vote)
Last modified on Friday, 28 January 2022 08:33