ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා අද අගුනුකොලපැලැස්ස බන්ධනාගාරයට ගොස් තිබෙනවා.
ඒ ශ්‍රී ලංකාවේ බන්ධනාගාර සදහා නව බලකායක් ලෙස බඳවා ගත් බන්ධනාගාර හදිසි ප්‍රතිචාර උපක්‍රමික බලකායේ පළමු කණ්ඩායමේ භටයින් 194 දෙනෙකු විසිර යාමේ උත්සවයටයි.
බන්ධනාගාර නියාමකවරු ලෙස සිවිල් සමාජය තුලින් නවකයින් බදවා ගැනීම වෙනස් කර තිබෙනවා.
ඒ වෙනුවට දශක තුනකට අධික කාලයක් පුරාවට අප රට වෙලා ගෙන තිබු කුරිරු LTTE ත්‍රස්තවාදය නිම කිරීමට සෘජුවම දායකත්වය ලබා දුන් මේ වන විට ත්‍රිවිධ හමුදාවන්ගෙන් නිත්‍යානුකුලව ඉවත්වූ අය යොදා ගනිමින් මෙම බන්ධනාගාර හදිසි ප්‍රතිචාර උපක්‍රමික බලකාය පිහිටවනු ලැබුවා.
බන්ධනාගාරය තුල සිදු වන සිදු විය හැකි සියලුම ආකාරයේ නීති විරෝධි හා දුෂිත ක්‍රියා මෙන්ම අපරාධමය චර්යාවන් මර්ධනය කිරීම මෙහි එක් අරමුණක්.
රැදවියන්ගේ ආරක්ෂාව වඩාත් තහවුරු කරමින් සංයමයෙන් කටයුතු කරන ලෙස මෙම කණ්ඩායම බන්ධනාගාර තුල ස්ථාපිත කර තිබෙන බවයි ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා වැඩිදුරටත් පවසා සිටියේ.
(රාහුල් සමන්ත හෙට්ටිආරච්චි - හම්බන්තොට)