March 28, 2024

වෙළෙඳපොළේ ඉටි පන්දම් මිලත් ඉහළට Featured

ඉල්ලුමට සරිලන සැපයුමක් ලබා දීමට නොහැකි වීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ ඉටිපන්දම් මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව වෙළෙඳුන් පවසනවා.

විශේෂයෙන් හැටන් ඇතුළු වතු ආශ්‍රිත ප්‍රධාන නගරවල මෙසේ ඉටි පන්දම් මිල ඉහළ ගොස් ඇති බවයි වාර්තා වෙන්නේ.

කුඩා ප්‍රමාණයේ ඉටි පන්දමක තොග මිල රුපියල් 7.50වන අතර, සාමාන්‍ය ප්‍රමාණයේ ඉටි පන්දමක් රුපියල් 37.50කට තොග වෙළෙඳුන් විසින් අලෙවි කරනු ලබයි.

ඉටි පන්දම් පැකට්ටුවක ඉටි පන්දම් 40ක් ඇති බවත් එය මාසයක් වැනි කෙටි කාලයක් තුළ රුපියල් 100කින් පමණ ඉහළ ගිය බවත් වෙළෙඳුන් කියා සිටිනවා.

ඉටි පන්දම් නිෂ්පාදනය සඳහා අවශ්‍ය ඉටි චීනයෙන් ආනයනය නොකරන නිසා වෙළෙඳපොළේ ඉටි පන්දම් හිඟයක් පවතින බවයි වෙළෙඳුන් කියා සිටින්නේ.

මේ දිනවල පාරිභෝගිකයින්ගෙන් ඉටි පන්දම් සදහා විශාල ඉල්ලුමක් පවතින බව ද වෙළෙඳුන් සඳහන් කරනවා.

මේ දිනවල දිවයින පුරා විදුලි කප්පාදුවක් සිදු වන අතර, මේ හේතුවෙන් ජන ජීවිතය බරපතළ ලෙස අභියෝගයකට ලක් වී තිබෙනවා.

විදුලිබල ඇමති ගාමිණී ලොකුගේ මහතා විදුලිය නොකපන බව ප්‍රකාශ කළ ද ඊයේත් දිවයින පුරා බොහෝ ප්‍රදේශවල විදුලිය විසන්ධි වීම් වාර්තා වීම විශේෂත්වයක්.

(හැටන් - රංජිත් රාජපක්ෂ)

Rate this item
(0 votes)