March 29, 2024

විජිතගෙන් මල්ටි බැරල් ප්‍රහාරයක් : ලිපි 5 ක් සභාගත කරමින් ආණ්ඩුවේ මන්ත්‍රී පහකගේ ඇඳිවතත් ගලවයි (VIDEO)

මෙරට විශ්ව විද්‍යාල පද්ධතිය වත්මන් ආණ්ඩුව යටතේ දේශපාලනීකරණය වී ඇති ආකාරය සාක්ෂි සහිතවම විජිත හේරත් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී පෙන්වා දුන්නා.

ඒ පුරප්පාඩුව තිබෙන වයඹ විශ්ව විද්‍යාලයේ උප කුලපතිවරයා පත් කිරිම මුල් කොටගෙන.

ජනපතිට යැවූ ලිපි පහ

ජාතික ජන බලවේගයෙ නියෝජනය කරන හේරත් මන්ත්‍රීවරයා එම පුරප්පාඩුව පිරවීම සඳහා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් 5 දෙනකු ජනපතිවරයා වෙත යැවූ ලිපි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.

එම මන්ත්‍රීවරුන් 5 දෙනා එසේ ලිපි යවා තිබෙන්නේ ඔවුන් නිර්දේශ කරන පුද්ගලයා වයඹ උප කුලපති ධුරයට පත් කරන ලෙස ඉල්ලමින්.

එසේ ජනපතිට ලිපි යැවූ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් පස්දෙනා මෙසේයි.

හැන්සාඩ් ගත කිරීම

සමන්ප්‍රිය හේරත් , සනත් නිශාන්ත පෙරේරා , ඩී.වයි.ජී.රත්නසේකර , නාලක බණ්ඩාර කෝට්ටෙගොඩ , ඩී.බී.හේරත් එසේ ලිපි යැවූ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු ලෙස පෙන්වා දෙන හේරත් මහතා මේ තොරතුරු සියල්ලම හැන්සාඩ් ගත කරන බවද සඳහන් කළා.

විශ්ව විද්‍යාලයක උපකුලපතිවරයෙක් පත් කිරීමට මන්ත්‍රීවරයෙකුගේ ලියුම අවශ්‍ය තරමටම රටේ අධ්‍යාපන තත්ත්වය වැටී ඇති බවයි හේරත් මහතා පෙන්වා දෙන්නේ.

Rate this item
(0 votes)
Last modified on Saturday, 22 January 2022 10:18

Related items