April 23, 2024

ලයිට් ඇමති ලොකුගේ ලොකු අමාරුවක : දෙගොල්ලොම බැහැ කියයි

ලංකා විදුලි බල මණ්ඩලය මේ වන විට සිය පාරිභෝගිකයන්ට විදුලිය ලබා දීම සම්බන්ධයෙන් බරපතළ අර්බුදයකට මුහුණ දී සිටිනවා.

ඒ ඩීසල් විදුලි බලාගාර ක්‍රියාත්මක කිරීම සඳහා ඩීසල් නොමැතිකම නිසා.

බලශක්ති අමාත්‍යාංශ ස්ථාවරය

විදුලි බල මණ්ඩලයට ණයට හෝ රුපියල් වලට ඩීසල් ලබාදීම මේ වන විටත් ලංකා ඛනිජ තෙල් සංස්ථාව ප්‍රතික්ෂේප කොට තිබෙනවා.

විදුලි බල මණ්ඩලයට ඩීසල් ලබා දුන්නහොත් බස් රථ ඇතුළු ඩීසල් වාහන සඳහා ඩීසල් ලබාදීමට නොහැකි වන බවයි තෙල් සංස්ථාව පෙන්වා දෙන්නේ.

ඩොලර් ලබා දෙන්නේ නම් තමන් ඩීසල් ලබාදීමට සූදානම් බව මේ වන විටත් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා විදුලි බල මණ්ඩලයට දැනුම් දී තිබෙන්නේ එම මණ්ඩලය රු. බිලියන 91ක ණයක්ද ඛනිජ තෙල් සංස්ථාවට ගෙවිය යුතු පසුබිමක් තුළයි.

ඉන්දීය තෙල් සමාගමේ ප්‍රතිචාරය

ඒ නිසා විදුලි බල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා ඉන්දීය ඔයිල් සමාගම (IOC) වෙත හැරුණේ අවශ්‍ය ඩීසල් ලබා ගැනීම සඳහායි.

එහෙත් IOC සමාගමද විදුලි බල මණ්ඩලයට ඩීසල් ලබාදීම ප්‍රතික්ෂේප කොට තිබෙන බවයි දැනගන්නට තිබෙන්නේ.

ඊට හේතුව ලෙස ඔවුන් සඳහන් කර තිබෙන්නේ ඔවුන්ගේ පෙට්‍රල් ෂෙඩ් සඳහා පමණක් ප්‍රමාණවත් ඩීසල් තොග පමණක් ඔවුන් සතුව පවතින බවයි.

මේ නිසා හෙට (19) සිට දෛනිකව විදුලි කප්පාදුවක් සිදු කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය සූදානම් වනවා.

Rate this item
(0 votes)
Last modified on Thursday, 20 January 2022 08:09