April 19, 2024

නල්ලූර් කෝවිලට ගිය සජිත්ගෙන් රටටම ප්‍රතිඥාවක් (PHOTOS)

අන්තවාදය මෙරටින් තුරන්කරන වැඩපිළිවෙල සමගි ජන බලවේග රජයක් තුළ ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් නල්ලූර් ප්‍රතිඥාවක් දෙමින් යාපනයේදී ඊයේ (12) සවස පවසා සිටියා.

ඊයේ දිනට යෙදී තිබුණු විපක්ෂ නායකවරයාගේ 55 වන ජන්ම දිනය නිමිත්තෙන් විපක්ෂ නායකවරයා පළමුව යාපනය නාග විහාරයට ගොස් ආගමික වතාවත් සිදු කොට නාගවිහාරයේ විහාරාධිපති ශාස්ත්‍රපති පූජ්‍ය මීගහජදුරේ සිරිවිමල හිමියන්ගෙන් ආශිර්වාද ලබාගත් අතර පසුව යාපනය රදගුරු නිවසට ගොස් යාපනය රදගුරු ජස්ටින් ඥානප්‍රකාශම් හිමිපාණන්ගෙන් ආශිර්වාද ලබාගැනීම සිදු කෙරුණා.

අනතුරුව සමගි ජන බලවේගයේ පක්ෂ ක්‍රියාකාරීන් විසින් නල්ලූර් යොවුන් ශාලාවේදී සංවිධානය කොට තිබූ ජන හමුවක් අමතමින් ඊයේ සවස මෙලෙස නල්ලූර් ප්‍රතිඥාව ලබා දෙමින් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පවසා සිටියේ,

“රටේ මේ මොහොත වනවිට ආහාර ආම්පන්නවල බරපතල හිගයක් තියනවා අම්මලට දූදරුවන්ට කිරිපිටි ටික නැහැ. ඉන්ධන ටික නැහැ. රට අන්ධකාරයේ තබන ආණ්ඩුවක් මේ තියෙන්නේ. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මේ ආණ්ඩුව ෆේල්. ජනාධිපති, අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය, මන්ත්‍රී මණ්ඩලය මේ ඔක්කම ෆේල්. අද දින මේ උතුම් නල්ලූර් පුදබිමේ සිට මං ප්‍රතිඥාවක් දෙනවා. නල්ලූර් ප්‍රතිඥාව හැටියට. අන්තවාදය අපේ රටින් තුරන්කරන වැඩපිළිවෙල අපේ රජයක් යටතේ  ක්‍රියාත්මක කරන්නට අපි කටයුතු කරනවා කියන ප්‍රතිඥාවයි."  

Rate this item
(0 votes)