April 25, 2024

කාසල්රි ජලාශ රක්ෂිතයේ ගින්නක් (PHOTOS)

කාසල්රි ජලාශ රක්ෂිතයේ (12) දින පස්වරුවේ ගින්නක් හටගෙන තිබෙනවා.

කාසල්රි ජලාශයේ නොර්වුඩ් නිව්වැලි වත්ත ප්‍රදේශයෙන් ගින්න හටගෙන ඇති අතර ගින්න සිඝ්‍රයෙන් රක්ෂිතය පුරා පැතිර යමින් පවතින බවයි අප වාර්තාකරු සඳහන් කලේ.

කාසල්රි ජල පෝෂක ප්‍රදේශවල මේ දිනවල පවතින දැඩි වියළි කලගුණයත් සමග ඉලුක් සහිත රක්ෂිතයට කිසියම් පිරිසක් විසින් ගිනි තබන්නට ඇති බව ප්‍රදේශවාසින් පවසනවා.

ගින්න හටගත් රක්ෂිතයේ ගැට ගසා තිබු ගවයන් දෙදෙනෙකුද මුදා ගැනිමට එම වතු යායේ වතු කම්කරුවන් පිරිසක් පියවර ගනු ලැබුවා.

රක්ෂිතයේ පැතිර යමින් තිබු ගින්න පාලනය කිරිමට නොර්වුඩ් පොලිසිය මේ වන විට පියවර ගෙන තිබෙනවා.

කාසල්රි සහ මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවල මේ දිනවල පවතින වියළි කාලගුණ තත්ත්වයත් සමග ජලාශ රක්ෂිත වලට ඇතැම් පිරිස් ගිනි තැබිම් සිදු කරනු ලබනවා.

(හැටන් - රංජිත් රාජපක්ෂ)

Rate this item
(0 votes)