March 29, 2024

දෙන්නට එන්න කියන්නේ මඩවන්නද ? බැසිල් විමල්ගෙන් අහයි Featured

මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සහ මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්.ආටිගල යන මහත්වරුන් කැබිනට් මණ්ඩලය හමුවට කැඳවන ලෙස ඇමතිවරුන් දෙදෙනකු ඉල්ලීමක් කර තිබුණා.

ඒ විමල් වීරවංශ හා බන්දුල ගුණවර්ධන යන ඇමැතිවරුන්.

ප්‍රතික්ෂේප වූ ඉල්ලීම

එම ඉල්ලීම බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා කිහිප වතාවක්ම ප්‍රතික්ෂේප කළා.

මුදල් ඇමතිවරයා සඳහන් කරන්නේ ඔවුන්ට කියන්න දෙයක් තියෙනවා නම් එය තමන්ට කියන ලෙසටයි.

මුදල් ඇමැති නැගූ ප්‍රශ්නය

එම නිලධාරීන් දෙදෙනා කැබිනට් මණ්ඩලය හමුවට කැඳවා මඩවන්න ලෑස්ති වෙනවා දැයි යන්නත් බැසිල් රාජපක්ෂ ඇමතිවරයා වීරවංස ඇමතිවරයාගේ කැබිනට් මණ්ඩල රැස්වීමේදී ප්‍රශ්න කර බවත් දැනගන්නට තිබෙනවා.

දිගින් දිගටම සිය ඉල්ලීම ප්‍රතික්ෂේප වන දුටු වීරවංශ අමාත්‍යවරයා අවසානයේ කැබිනට් මණ්ඩලයේදී සඳහන් කර තිබෙන්නේ එසේ නම් තමන් සහ බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා ඔවුන් දෙදෙනා හමුවට ගොස් සාකච්ඡා කරන බවයි.

ඊට බැසිල් රාජපක්ෂ මහතා දැක්වූ ප්‍රතිචාරයක් පිළිබඳව වාර්තා වන්නේ නැහැ.

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 12 January 2022 00:23