March 29, 2024

සංගීත ප්‍රසංග තියන්න අවසර ගන්නේ මෙහෙමයි - වේලාවන් මෙන්න

December 28, 2021

එළිමහන් සංගීත සංදර්ශණ පැවැත්වීම සඳහා අවසර ලබාදීමට කටයුතු කරන ලෙස පොලිස්පති සි.ඩි.වික්‍රමරත්න මහතා විසින් ජේෂ්ඨ පොලිස් නිලධාරීන් වෙත ඊයේ දිනයේදී උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ අනුව සෞඛ්‍ය නිර්ණායක සහ සෞඛ්‍ය රීතින්වලට අනුව සංගීත සංදර්ශන පැවැත්වීමේ වගකීම එහි සංවිධායකවරුන්ට පැවරෙන අතර ප්‍රාදේශිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ උපදෙස් අවශ්‍ය අවස්ථා වලදී ලබා ගැනීමද සිදු කළ යුතුයි.

මේ අනුව සඳුදා, අඟහරුවාදා සහ බදාදා සහ බ්‍රහස්පතින්දා යන දිනවල සවස 6.00 සිට රාත්‍රී 10.00 දක්වා කාලය තුලදී එළිමහන් සංගීත සංදර්ශන පැවැත්වීමට අවසර හිමිවනවා.

සිකුරාදා සහ සෙනසුරාදා යන දිනවල සවස 6.00 සිට අලුයම 1.00 දක්වා ද ඉරිදා දිනවලදී සවස 6.00 සිට මධ්‍යම රාත්‍රී 12.30 දක්වා එළිමහන් සංගීත සංදර්ශන පැවත්වීමට අවසර හිමිවනු ඇති.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 28 December 2021 14:08