April 25, 2024

කොටගලට තෙල් නැති වෙයිද? - මහමඟදී තෙල් බවුසරය පෙරළෙයි (PHOTOS)

December 14, 2021

සපුගස්කන්ද සිට කොටගල ඛනිජතෙල් නිතිගත සංස්ථා තෙල් ගබඩා සංකිර්ණය වෙත ඉන්ධන ප්‍රවාහනය කරන ලද බවුසර් රථයක් ගිනිගත්හේන නගරයට ඉහලින් වු ඇගළුම් කර්මාන්ත ශාලාව අසල පෙරලී යාමෙන් එම බවුසර් රථයේ ඉන්ධන කාන්දු වෙමින් පැවති බව ගිනිගත්හේන පොලිසිය පැවසුවා.

ඊයේ (13) පස්වරු 5.00ට පමණ බවුසර් රථය හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන ප්‍රදේශයේදි මාර්ගයේ එක් මංතීරුවක් හරහා පෙරලි ඇති බවත්, බවුසර් රථය පෙරලෙන අවස්ථාවේ බවුසර් රථයේ රියදුරා බවුසර් රථයේ ඉදිරිපස රියදුරු අසුනේ සිර වී සිටියදි බේරා ගෙන ගිනිගත්හේන ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කල බව ගිනිගත්හේන පොලිසිය පැවසුවා.

ඉන්ධන ප්‍රවාහනය කරන ලද බවුසර් රථය අනතුරට පත් වන අවස්ථාවේ බවුසර් රථයේ ඩිසල් ලිටර් 33,000 තිබි ඇති බවත්, ඉන් ඉතා ස්වල්ප ප්‍රමාණයක් බවුසර් රථයෙන් කාන්දු වෙමින් පවතින බවයි පොලිසිය පැවසුවේ.

ප්‍රධාන මාර්ගයේ එක් මංතිරුවක් හරහා පෙරලුණු බවුසර් රථයේ ටැංකියේ ඇති ඉන්ධන ඉවත් කර බවුසර් රථය මාර්ගයෙන් ඉවත් කිරිමට පියවර ගන්නා බවද ගිනිගත්හේන පොලිසිය පැවසුවා.

(හැටන් - රංජිත් රාජපක්ෂ)

Rate this item
(0 votes)
Last modified on Tuesday, 14 December 2021 11:19