April 20, 2024

සත්තුවත්තේ බබාලාට නම් තියන්න දරුවන්ගෙන් නම් ඉල්ලයි

December 11, 2021

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ පසුගිය මාස 3 ක කාලයේදී උපත ලද ක්ෂීරපායී සත්ත්ව පැටවුන් පස්දෙනකුට නම් තැබීමට අවුරුදු 18 ට අඩු දුවා දරුවන්ට ආරාධනා කරන බව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් ෂර්මිලා රාජපක්‍ෂ මහත්මිය ඒෂියන් මිරර් වෙත පැවසුවා.

බුරු පැටියා, හිපෝ පැටියා, ඔරික්ස් ගව පැටියාට හා සිළු වඳුරු පැටවුන් දෙදෙනකුට මෙලෙස නම් තැබීමට නියමිත බවද ඇය සඳහන් කළා.

මෙම පැටවුන් 5 දෙනාට නම් තැබීමට කැමති දුවා දරුවන් එම නම් දෙසැම්බර් 20 වැනිදාට පෙර 0706188488 යන අංකයට එස් එම් එස්, වට්ස් ඇප් හෝ nationalzoo.gov.lk යන ෆේස්බුක් පිටුව හරහා යොමු කරන ලෙසද ඇය ඉල්ලා සිටියා.

එම පණිවිඩයේ සත්ත්ව පැටවා, යෝජිත නම, ඔබගේ නම, වයස, පාසල සහ ලිපිනය ද සටහන් කර එවන ලෙසද ඇය දූදරුවන්ගෙන් ඉල්ලා සිටියා.

සතුන්වත්තේ පැටවුන් පස්දෙනකුට පුංචි ළමයින්ගෙන් නම් ඉල්ලයි

එක් එක් පැටවාට දූ දරුවන් විසින් යෝජනා කරන ලද නම් අතුරෙන් ඉතාම සුදුසු නම තෝරාගනු ලබන බවත් එම තෝරාගත් නම් එම සත්ත්ව පැටවුන්ට නම් තැබීමේ උත්සවය පැවැත්වෙන නත්තල් දිනය දා තබන බවත් ඇය සඳහන් කළා.

එම නම් තබන සත්ත්ව පැටවුන් 5 දෙනාට අදාළ නම් එවන ලද දූ දරුවන් (තෝරාගත්) 5 දෙනාට ත්‍යාග පිරිනැමීමට නියමිත බවද ඇය කියා සිටියා.

සතුන්වත්තේ පැටවුන් පස්දෙනකුට පුංචි ළමයින්ගෙන් නම් ඉල්ලයි

සතුන්වත්තේ පැටවුන් පස්දෙනකුට පුංචි ළමයින්ගෙන් නම් ඉල්ලයි

Rate this item
(2 votes)