April 25, 2024

තවත් ගෑස් පිපිරීමක් (PHOTOS)

December 08, 2021

හැටන් පොලිස් වසමට අයත් වනරාජා වත්ත පාලම කොටසේ වතු නිවාසක මුළුතැන්ගෙහි තිබු ගෑස් උදුනක් අද (08) දින උදෑසන 7.30ට පමණ පුපුරාගොස් ඒ තුලින් ගින්නක් හටගෙන තිබු බව හැටන් පොලිසිය පැවසුවා.

එම නිවසේ ගෘහණිය ගෑස් උදුන දල්වනවාත් සමග විශාල ශබ්දයක් සමග ගෑස් උදුන පුපුරා ගොස් ඒ තුලින් මුළුතැන්ගෙහි පුරා ගිනි ජාලාවක්ද හටගත් බවත්, පසුව අසල්වාසින් පැමිණ ගෑස් උදුන සම්බන්ධ කර තිබු ගෑස් රෙගුලේටරය ගලවා ගෑස් සිලින්ඩරය ඉවතට දමා ඇති බවයි පොලිසිය කියා සිටියේ.

ගෑස් සිලින්ඩරය හැටන් ප්‍රදේශයෙන් දින කිහිපයකට ප්‍රථම මිල දි ගෙන ඇති බවද නිවාස හිමියා පැවසුවා.

පිපිරිම සම්බන්ධයෙන් හැටන් පොලිසිය පරික්ෂණ පවත්වයි.

(හැටන් - රංජිත් රාජපක්ෂ)

Rate this item
(0 votes)