April 20, 2024

හදිසියේ ඉන්දියා ගිය ඇමැති බැසිල් ඉන්දීය මුදල් ඇමතිනිය හමුවෙයි

December 01, 2021

ඉන්දියාවේ දෙදින නිල සංචාරයක නිරත මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉන්දියාවේ මුදල් හා ආයතනික කටයුතු ඇමතිනිය වන එස්. නිර්මලා සීතාරාමන් මහත්මිය හමුවී තිබෙනවා.

ඉන්දියාවේ නවදිල්ලියේ දී මෙම හමුවීම සිදුව ඇතැයි වාර්තා වනවා.

එහිදී ද්විපාර්ශ්වික ආර්ථික සහයෝගීතාවයට අදාළ කරුණු රැසක් පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා.

ඉන්දියාව සිය ආර්ථික සහයෝගීතා වැඩසටහන් හරහා විවිධ ක්ෂේත්‍ර ගණනාවකින් ශ්‍රී ලංකාවට ලබා දී ඇති සහයෝගය පිළිබඳව බැසිල් රාජපක්ෂ මහතා එහිදී ඉන්දීය මුදල් අමාත්‍යවරියට ස්තූතිය පුදකර තිබෙනවා.

දෙරට අතර පවතින ද්විපාර්ශ්වික ආර්ථික සහයෝගීතා වැඩසටහන් තවදුරටත් වර්ධනය කර වැඩිදියුණු කළ හැකි ක්‍රම සහ විධි පිළිබඳවද එහිදී සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ.

ආර්ථික විද්‍යාඥවරියක් වන ශ්‍රී නිර්මලා සීතාරාමන් මහත්මිය 2019 මැයි මාසයේ සිට ඉන්දියාවේ මුදල් හා ආයතනික කටයුතු අමාත්‍යවරිය ලෙස කටයුතු කර තිබෙනවා. 

ඇය 2017 සිට 2019 දක්වා ආරක්ෂක අමාත්‍යවරිය ලෙස කටයුතු කළා. 

සීතාරාමන් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සහ වාණිජ හා කර්මාන්ත අමාත්‍යාංශයේ රාජ්‍ය අමාත්‍ය ලෙස ද කටයුතු කර ඇත බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා හෙට (02) පස්වරුවේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මුණ ගැසීමට ද නියමිතයි.

Rate this item
(1 Vote)