March 29, 2024

තවත් පාලම් පාරුවක් අනතුරකට අතවනයි - මගීන්ගේ ජිවිත අවධානමේ (PHOTOS)

December 01, 2021

කින්නියා පාලම්පාරුවක් කඩාවැටීමෙන් සිදු වූ ඛේදවාචකය හේතුවෙන් යාපනය දූපත් අතරේ ඇති පාලම්පාරු මගින් ගමන්ගන්නා මගීන්ද විවිධ වූ ආරක්ෂිත ක්‍රමෝපායන් අනුගමනය කරමින් පාලම්පාරුවල් ගමන් කරනවා.

යාපනය කරෙයිනගර් සහ උරුකාවත්තුරෙයි දූපත් අතර පිහිටි මීටර් 500ක පමණ දුරක් පාලම්පාරු මගින් ජනතාවගේ ගමන් බිමන් සිදු කෙරෙන හෙයින් අදාල ප්‍රදේශයට ස්ථීර පාලමක් ඉදිකර දෙන ලෙසින්ද ජනතාව ඉල්ලා සිටිනවා.

කින්නියා පාලම් පාරුව පෙරලී මගීන් විපතට පත්වීම හේතුවෙන් මේ දිනවල කරෙනගර්හි පිහිටි පාලම් පාරුවේ ගමන් ගන්නා මගීන්ටද ආරක්ෂිත ඇදුම් කට්ටල යොදා ගමන් කිරීමට පහසුකම් මාර්ග සංවර්ධන අධිකාරිය විසින් පියවර ගෙන තිබෙනවා.

කරෙයිනගර් සහ ඌර්කාවත්තුරෙයි අතර මීටර් 500ක දුර පාලම් පාරුවෙන් ගමන් නොකොට ගමනාගමනය සඳහා කිලෝමීටර් 40 ක දුරක් යා යුතු බැවින් එහි ස්ථීර පාලමක් අත්‍යවශ්‍ය බවටද ප්‍රදේශවාසීන් වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.

(වන්නි රොමේෂ් මධුෂංඛ)

Rate this item
(0 votes)
Last modified on Wednesday, 01 December 2021 13:23