April 19, 2024

ජනතාවගේ හිස මත තවත් ණය කන්දක් - බැසිල්ගේ අයවැය ගැන විජිත හේරත් කියයි

November 13, 2021

රජය ඉදිරිපත් කළ අයවැය (2022) ජනතාවට හීං දහඩිය දාන අයවැයක් බවත් අධික ජීවන වියදමට එහි කිසිඳු විසඳුමක් යෝජනා කර නොමැති බවත් ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා පැවසුවා.

ලබන වසරේ රජයේ වියදම කෝටි ලක්‍ෂපහමාරක් වීම නිසා විශාල අයවැය හිඟය පියවීම සඳහා කෝටි තුන්ලක්‍ෂ විසිදහසක් ණය ගැනීමට සිදුවීමෙන් ජනතාවගේ හිස මත තවත් ණය කන්දක් පාත්වන බව කී ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම්වරයා අධික බඩු මිල ප්‍රශ්නයට ජනතාවට කිසිඳු උත්තරයක් අයවැයේ නොමැති බව ද සඳහන් කළා.

මිල අධික ලෙස ඉහළ ගිය ගෑස්, තෙල්, පරිප්පු, හාල්, සීනි සහ පිටි ආදි සියලුම භාණ්ඩවල මිල ගණන් වැඩිවීමේ ප්‍රශ්නයට පිළිතුරක් ලැබී ජීවන වියදම් සහනක් ජනතාව බලාපොරොත්තු වූ බව කී විජිත හේරත් මහතා පැවසුවේ මෙවර අයවැය ද වෙනදා මෙන්ම නිකම්ම නිකන් වචන හරඹයක් පමණක් බවත්ය.

තෙල් මිල මීට පෙර ඉහළ දමා තිබීම නිසා එහි තවත් වැඩි කිරීමට දෙයක් ඉතිරිව නොතිබුණ බව කී මන්ත්‍රීවරයා බැසිල් රාජපක්‍ෂ මහතා මහලොකු විප්ලවයක් කරනවා යැයි කීවත් අයවැයේ එවැනි පෙරළියක් නොමැති බව පැවසුවා.

වාහනයක් අනතුරකට ලක්වුවහොත් අනතුර වළක්වානොගැනීමට ද ගෙවීමක් කිරීමට අයවැයෙන් යෝජනා කිරීමෙන් වාහනයකට අනතුරක් නොවුණ ද සියලුම දෙනාට පොදුවේ රක්‍ෂණ වාරිකය ඉහළ යන බව පැවසූ විජිත හේරෙත් මහතා රක්‍ෂණ සමාගම් රජයට එම මුදලට ගෙවීමට නම් වාරික මුදලට වැඩි කළ යුතු බවත් සඳහන් කළා.

Rate this item
(0 votes)
Last modified on Saturday, 13 November 2021 10:46

Related items