April 18, 2024

"පැන්ඩෝරා" විමර්ශනයේ ප්‍රගතිය ජනපති අතට

November 10, 2021

පැන්ඩෝරා පත්‍රිකාව සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ආරම්භ කර ඇති විමර්ශනයේ ප්‍රගතිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත දැනු දී තිබෙනවා.

පැන්ඩෝරා පත්‍රිකාවෙන් අනාවරණය වී ඇති ශ්‍රී ලාංකිකයන් සහ එම ගනුදෙනු පිළිබඳ වහාම විමර්ශනයක් කර, මාසයක් ඇතුළත වාර්තාවක් ලබාදෙන ලෙසයි දැනුම් දී තිබුණේ.

අදාළ දැනුම් දීම ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල් හරිගුප්ත රෝහණධීර විසින් ඔක්තෝබර් මස 06 වන දින අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත යොමු කලා.

එයට ප්‍රතිචාර වශයෙන් කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ඩබ්.කේ.ඩී. විජේරත්න මහතා මෙම මස 08 වන දින වාර්තාවක් යොමු කර තිබෙනවා.

තිරුකුමාර් නඩේෂන් මහතාගේ බැංකු ගිණුම් විස්තර ඇතුළත් වාර්තා විවිධ බැංකු හා මූල්‍ය ආයතන මගින් කැඳවා ඇති අතර, මේ වන විට එම වාර්තා ලැබෙමින් පවතින බවයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා දන්වා ඇත්තේ.

විමර්ශන කටයුතු අවසාන වී නැති බැවින් ඊට අදාළව කැඳවන ලද වාර්තා සහ අනිකුත් වැඩිදුර විමර්ශන සිදු කිරීමෙන් අනතුරුව අවසන් වාර්තාව ලබාදීමට කටයුතු කරන බවයි එමගින් වැඩිදුරටත් දන්වා තිබෙනවා.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 10 November 2021 20:22

Related items