April 19, 2024

තවත් චක්‍රලේඛයක් රිවස්

November 09, 2021

රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගිය පුද්ගලයින්ගේ වැටුපෙන් අග්‍රහාර රක්ෂණ යෝජනා ක්‍රමය සඳහා මුදලක් අයකරගැනීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා නිකුත් කර තිබු චක්‍රලේඛය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

අද (09) දින නව චක්‍රලේඛයක් නිකුත් කරමින් පළාත් පාලන අමාත්‍යංශ, ලේකම්වරයා මේ බව දැනුම් දී තිබෙනවා.

දැනට මතු වී ඇති විවිධ විරෝධතා සලකා බලා අදාළ සියලු පාර්ශවයන් සමග නැවත සාකච්ඡා කර සුදුසු තීරණයක් ගන්නා තෙක් 2021.10.29 වන දින නිකුත් කරන ලද 12/2005 (VIII) චක්‍රලේඛයේ විධිවිධාන ක්‍රියාත්මක කිරීම අත්හිටුවා තිබෙනවා.

2016 ජනවාරි මස පළමුවනදාට පෙර විශ්‍රාම ලැබූ සියලුම රාජ්‍ය සේවකයින්ගෙන් මුදල් අයකර ගැනීමට යෝජනා කර තිබූ අතර එහි දැක්වුණේ වයස අවුරුදු 70ට වැඩි විශ්‍රාමිකයෙකුගේ වැටුපෙන් රු.600ක මුදලකුත්, වයස අවුරුදු 70ට අඩු විශ්‍රාමිකයෙකුගේ වැටුපෙන් රුපියල් 400ක මුදලකුත් මෙම රක්ෂණාවරණය සඳහා අයකරගන්නා බවයි.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 09 November 2021 21:28