April 19, 2024

කතරගම දේවාලයට හොරු පැනලා - දේවාලයට පූජා කළ පවුම් 38ක රන් තැටිය අතුරුදන් Featured

November 02, 2021

ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ සොරකමක් සිදුවී ඇති බව වාර්තා වනවා.

ඒ අනුව දේවාලය සතුව තිබූ පවුම් 38ක රන් තැටියක් සොරාගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මීට සති දෙකකට පමණ ඉහතදී මෙම රන්තැටිය සොරා ගැනීම සම්බන්ධයෙන් පැමිණිල්ලක් පොලිසිය වෙත ලැබී තිබෙනවා.

අප වාර්තාකරු සඳහන් කළේ මේ සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි.

පොලිස්පති සි .ඩි .වික්‍රමරත්න මහතාගේ උපදෙස් මත කොළඹ අපරාධ කොට්ඨාසයේ විශේෂ පොලිස් කණ්ඩායමක් ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීම සඳහා ඊයේ කතරගමට පැමිණි බව ආරංචි මාර්ග සඳහන් කළා.    

පවුම් 38ක් පමණ බර මෙම රන්තැටිය බැතිමතකු 2019 වසරේ පූජා කරන ලද්දක් බවයි එම ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ. 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 02 November 2021 08:45