March 29, 2024

චම්පිකගෙන් විශේෂ හෙළිදරව්වක්: වට්ස් ඇප් සංවාද වලටත් සවන් දීලා

2018 හා 2019 යන වර්ෂවල තමන්ගේ දුරකථන සංවාද වලට අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව නිලධාරීන් සවන් දී ඇති බව පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයා අද (21) පාර්ලිමේන්තුවේ දී හෙළිදරව් කළා.

ඒ වරප්‍රසාද ප්‍රශ්නයක් මතුකරමින්.

දුරකථන ඇමතුම්

අපරාධ විමර්ෂණ දෙපාර්තමේන්තුව විමර්ෂන දෙපාර්තමේන්තුවේ කැඳවීමකට අනුව තමා එහි ගිය අවස්ථාවේ ප්‍රශ්න කිරීම්වලදී තමාට ඒ බැව් හැඟුණු බව මන්ත්‍රීවරයා සඳහන් කළා.

ඒ අනුව තමාගේ දුරකථන ඇමතුම් වලට සවන් දුන්නේ කාගේ අවසරයක් මතද යන්න තමා ඒ සම්බන්ධයෙන් අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන් ප්‍රශ්න කළ බවත් මන්ත්‍රීවරයා අවධාරණය කරනවා.

පරීක්ෂණයක් කරන නිලධාරීන් දුරකතන ඇමතුම් වලට සවන් දීමට නම් මහේස්ත්‍රාත්වරයාගේ අවසරයක් ගත යුතු බවත් තමන් එහිදී සඳහන් කළ බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කරනවා.

ඇමතුම් ලැබුණු විදිහ

ඊට පිළිතුරු දෙමින් අපරාධ විමර්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින් තමන් හමුවේ සඳහන් කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ප්‍රසාද් රණසිංහ විසින් එම දුරකථන ඇමතුම් සංවාද තමන්ට ලබා දුන් බවයි.

එහිදී විශේෂ හෙලිදරව්වක් කරමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ එසේ සවන් දී ඇති දුරකතන ඇමතුම් වට්ස් ඇප් මාර්ගයෙන් ගත් දුරකථන ඇමතුම් බවයි.

ඒ ආකාරයෙන් ගන්නා දුරකථන ඇමතුම් ඇසීමට තාක්ෂණයක් ශ්‍රී ලංකාවේ තිබෙනවාදැයි තමන් නොදන්නා බවත් එවන් තාක්ෂණයක් තිබෙන්නේ ඊශ්‍රායලයේ බවත් සඳහන් කළ මන්ත්‍රීවරයා එම තාක්ෂණය ශ්‍රී ලංකාවට ගෙනවිත් තිබෙනවා දැයි ප්‍රශ්න කලා.

Rate this item
(1 Vote)
Last modified on Saturday, 23 October 2021 23:18