April 25, 2024

රාජිතගෙන් චන්න ජයසුමනට දැවැන්ත ප්‍රහාරයක්

September 22, 2021

හිටපු සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා අද (22) චන්න ජයසුමන ඖෂධ රාජ්‍ය අමාත්‍යවරයාට පිළිතුරු දුන්නා.

ඒ ඔහු ඊයේ (21) ඖෂධවලින් වංචා කළ බවට රාජිත සේනාරත්න මහතාට එල්ල කළ චෝදනා වලට.

මිල ගනන් සමගම

එහිදී සේනාරත්න මහතා ජයසුමන රාජ්‍ය අමාත්‍යවරයා චෝදනා කළ ඖෂධ වල නම් කියමින් ඒවා සම්බන්ධයෙන් සවිස්තරාත්මක වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.

එහිදී සේනාරත්න මහතා පෙන්වා දුන්නේ ඖෂධ ගත් මිල නොව විවිධ සමාගම් ඖෂධ සඳහා ඉදිරිපත් කළ මිල ගනන් ඖෂධ ගත් මිල ලෙස පෙන්වා දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා සභාව නොමඟ යවා තිබෙන බවයි.

එතනින් නොනැවතුන සේනාරත්න මහතා ජයසුමන රාජ්‍ය අමාත්‍යවරයා යටතේ ඖෂධ මිලට ගන්නා ආකාරය මෙන්ම එයින් සිදුවන වංචනික සිද්ධීන්ද ගණන් හිලව් සමගම සභාවට ඉදිරිපත් කළ අතර
ඖෂධ සඳහා මිල පාලනයක් අද නොමැති බව පෙන්වා දුන්නේ තමන් ඖෂධ වලට මිල පාලනයක් දැමූ ආකාරයද මතක් කරමින්.

තොරතුරු සභාගත කිරීම

ඖෂධ සම්බන්ධයෙන් සේනාරත්න මහතා ඉදිරිපත් කළ සියලු තොරතුරු සභාගත කළා.

තමාට මෙම තොරතුරු රැසක් ලබා දුන්නේ චන්න ජයසුමන රාජ්‍ය අමාත්‍යවරයා සමඟ සිටින පිරිස් සමග බවත් අනාවරණය කළා.

සේනක බිබිලේගේ ප්‍රතිපත්තිය ගැන හැමෝම කතා කළාට එය ක්‍රියාත්මක නොකළ බව පෙන්වා දුන් සේනාරත්න මහතා එය අකුරටම ඉටු කළේ තමන් බව ප්‍රකාශ කලා.

සේනාරත්න මහතා අදහස් පළ කිරීමට පෙර සභා ගැබේ සිටි චන්න ජයසුමන මහතා ඉන් ඉවත්ව ගිය බවද සඳහන් කළ සේනාරත්න මහතා හොරා දුවන්නෙත් අනිත් අයත් හොරා හොරා කියමින් බවයි අවධාරණය කරන්නේ.

Rate this item
(2 votes)
Last modified on Wednesday, 22 September 2021 13:19