April 23, 2024

නිරෝධායන බලපත්‍ර තියෙන අය අරක්කු ගෙනත් දෙයි..බාර් ඇරිය එක හොඳයි - ඇමැති සනත් නිශාන්ත Featured

September 22, 2021

සුරාසැල් විවෘත කිරීමෙන් පසු මිනිස්සු කසිප්පු බීලා මැරෙන එක නතර වෙන බවත් එය ආණ්ඩුව ගත් තීරණය හොඳ තීරණයක් බවත් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පවසනවා.

සුරාසැල් වසා තිබුණත් පිටත අරක්කු බෝතලය රුපියල් 3500ක් වැනි ඉහළ මිලකට විකිණීමට තිබූ බවත්, මත්පැන් යනු ආණ්ඩුවේ ප්‍රධාන ආදායම් මාර්ගයක් බවත් ඒ මහතා පෙන්වා දෙනවා.

එමෙන්ම සුරාසැල් විවෘත කිරීමෙන් පසු නිරෝධායන බලපත්‍ර තියෙන කිහිපදෙනෙක් හරහා අරක්කු ටික එළියට යන බවද අමාත්‍යවරයා සඳහන් කළා.

ඒ මහතා මෙසේද පැවසීය.

"බාර් වහලා තිබුණා කියලා කිව්වට එළියේ අරක්කු විකුණන්න තිබුණා. උදාහරණයක් විදහිට ගල් අරක්කු බෝතලය එළියේ 3500ට 4000ට විකුණන්න තියෙනවා. නිරෝධායන බලපත්‍ර තියෙන කිහිපදෙනෙක් හරි ඉන්නවා ඒ අය හරහා අරක්කු ටික එළියට යයි. මිනිස්සු කසිප්පු බීලා මැරෙන එක නතර වෙනවනේ. ඒකත් ලොකු දෙයක්නේ. මං හිතන්නේ රජය ගත්තු හොඳ තීරණයක් සතියට දවස් කිහිපයක් හරි බාර් අරින්න තීරණය කරපු එක." 

Rate this item
(0 votes)