April 19, 2024

ඇමති දිනේෂ් දැන් රාජපක්ෂලාගේ පොහොට්ටුවේද? සිරිසේනගේ බුලත් කොලේද?

September 18, 2021

ඇමති දිනේෂ් ගුණවර්ධන මහතාගේ ක්‍රියා කලාපය පිළිබඳව ආණ්ඩුව තුළ යම් අවුල් සහගත තත්වයක් ඇතිව තිබෙනවා.

ඒ පාර්ලිමේන්තුවේ සභානායකවරයාද වන ඔහු රෝදය ලකුණ නියෝජනය කරන මහජන එක්සත් පෙරමුණේ නායකයා හැටියට හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා කැඳවූ එක්සත් ජනතා නිදහස් සන්ධාන රැස්වීමට සහභාගි වීම නිසා.

හවුල්කාර පක්ෂ

මේ වන විට පොදු ජන පෙරමුණ සන්ධානයේ සිටින්නේ කලින් එක්සත් ජනතා නිදහස් සන්ධානය සමඟ සිටි හවුල්කාර පක්ෂ වන අතර මහජන එක්සත් පෙරමුණද ඊට ඇතුළත්.

එවන් පසුබිමක් තුළ ගුණවර්ධන සභානායකවරයා මේ වන විට සිරිසේන මහතාගේ නායකත්වය හා මහින්ද අමරවීර අමාත්‍යවරයාගේ ලේකම් ධූරය දරන එ.ජා.නි ස රැස්වීමට සහභාගි වීමත් සමග ඔහු සිටින්නේ පොදුජන පෙරමුණ සන්ධානයේද නැතිනම් ඒ එ.ජ.නි ස සන්ධානයේද යන්න පොදු ජන පෙරමුණට ප්‍රශ්නයක්ව තිබෙන බවයි එම පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ.

සභානායක මතය

එ.ජ.නි.ස ලකුණ වන බුලත් කොලය ලකුණ යළි පණ ගන්වා එම සන්ධානය නව මුහුණුවරකින් ගොඩනැගිය යුතු බව එහි සභාපති, හිටපු ජනපති ප්‍රකාශ කර තිබෙන බවයි වාර්තා වන්නේ.

එහිදී ගුණවර්ධන මහතා සඳහන් කර තිබෙන්නේ එ.ජ.නි.ස අන් හවුල්කාර පක්ෂ වල යෝජනාවන්ද ඉතා වැදගත් වෙන හෙයින් ඉදිරියේදී ඔවුන්වද සම්බන්ධ කර ගනිමින් එ.ජ.නි.ස සන්ධානය ගමන් මග තීරණය කළ යුතු බවයි.

ලංකා සම සමාජ පක්ෂය , කොමිනිස්ට් පක්ෂය , ශ්‍රී ලංකා මහජන පක්ෂය ආදී මේ වන විට පොදුජන පෙරමුණේ සන්ධානයේ සිටින පක්ෂ රැසක් එ.ජ.නි.ස සන්ධානයේ හිටපු සාමාජික පක්ෂ වනවා.

මෙම සාකච්ඡා පවත්වා තිබෙන්නේ සූම් තාක්ෂණය ඔස්සේ

Rate this item
(1 Vote)
Last modified on Saturday, 18 September 2021 17:51