April 23, 2024

හිටපු නීතිපතිගේ ආන්දෝලනාත්මක හෙළිදරව්වට ආරක්ෂක ලේකම් උත්තර දෙයි

September 09, 2021

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය කුමන්ත්‍රණයක් බවට හිටපු නීතිපති දප්පුල ද ලිවේරා මහතා විසින් කරන ලද ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් ඉදිරියේ ඔහු අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුව හමුවට කැඳවනු ඇති බවට ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසනවා.

ආරක්ෂක අමාත්‍යංශයේ අද (09) දිනයේ පැවැති මාධ්‍ය හමුවකදී ආරක්ෂක ලේකම්වරයා විසින් මේ බව සඳහන් කර සිටියා‍ෙ

එහිදී ආරක්ෂක ලේකම්වරයා සඳහන් කර සිටියේ පාස්කු ප්‍රහාරය ජනාධිපතිවරයා බලයට ගෙන එම සඳහා කරන ලද කුමන්ත්‍රණයක් යැයි පිරිසක් විසින් මතය ගොඩ නගමින් සිටින බවයි

ආරක්ෂ ලේකම්වරයා එහිදී වැඩිදුරටත් පවසා සිටියේ “පොලීසිය, ආරක්ෂක අංශ සෑහෙන්න දුරට මේ ගැන පරීක්ෂණ පවත්වලා තියෙනවා. උසාවියේ දැනට නඩු දාලත් තියෙනවා. ඒ නිසා මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ බොරු මතවලට රැවටෙන්න එපා. කාදිනල්තුමා ප්‍රකාශ කරන්නේ උන්වහන්සේගේ මතය. ඒ කතෝලික බිෂෝප්තුමන්ලාගේ එකතුවට අපේ විමර්ශන නිලධාරීන් ගිහින් පැය 4ක් විතර කරුණු පැහැදිලි කිරීමක් කළා. අවාසනාවකට එදා කාදිනල්තුමා හිටියේ නෑ." යනුවෙනි.

Rate this item
(0 votes)
Last modified on Thursday, 09 September 2021 22:17

Related items