April 20, 2024

පාඩුයි කියන තෙල් වලින් ආණ්ඩුව ගහන බද්ද එළියට - රු 60ක බද්දකුත් ඒ අතර

පාඩුයි කියා වැඩිකළ තෙල් වලින් ආණ්ඩුව ගන්නා බදු ප්‍රමාණයන් ජාතික ජන බලවේගය මන්ත්‍රී විජිත හේරත් මහතා පාර්ලිමේන්තුව හමුවේ හෙළිදරව් කළා.

ඔක්ටෙන් - 92 ලීටරයකින් රු.39.33 , octane 95 ලීටරයකින් රු.60.47 , ඩීසල් ලීටරයකින් රු.13 , සුපර් ඩීසල් ලීටරයකින් රු.35.20 ආණ්ඩුව ගන්නා බව මන්ත්‍රීවරයා පෙන්වා දෙනවා.

ඩීසල් වලින් තවමත් ලාබයි

ඒ අනුව සියලු භාණ්ඩ හා සේවා ඉහළ යෑමට විශේෂ බලපෑමක් කරන රු. 7 කින් වැඩි කළ ඩීසල් ලීටරයක් සඳහා පනවා ඇති බද්දෙන් එය අඩු කිරීමේ හැකියාව රජයට තිබෙන බවයි මන්ත්‍රීවරයාගේ මතය.

එනිසා එය නොකරන්නේ මන්දැයි මන්ත්‍රීවරයා ආණ්ඩුවෙන් ප්‍රශ්න කරනවා.

පාඩුයි කියන තෙල් වලින් ආණ්ඩුව ගහන බද්ද එළියට

Rate this item
(0 votes)
Last modified on Wednesday, 23 June 2021 14:48

Related items