March 28, 2024

'තෝර්' සිංහයාගේ නවතම තත්ත්වය

දෙහිවල සත්වෝද්‍යානයේ වෙසෙන “තෝර්” සිංහයා මේවන විට නැගිට සිටීමට උත්සහ දරන බව වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා පවසනවා. 

මෙම සිංහයා කොවිඩ් ආසාදිත බවට පසුගිය දා හඳුනාගත් අතර ඒ අනුව එම සත්ත්වයා අනෙක් සතුන්ගෙන් වෙන් කොට තැබීමට යි කටයුතු කර ඇත්තේ.

ආසාදිත සිංහයා ක්‍රමයෙන් සුවය ලබමින් සිටින බව ද රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

සිංහයා ආහාර ගැනීම ප්‍රතික්ෂේප කළ බවත්, පසුව දියර පානය සිදු කළ බවත් මීට පෙර වාර්තා වූවා.

කෙසේ වෙතත් මේවන විට එම සත්ත්වයා කුකුළු මස් පවා ආහාරයට ගනිමින් සිටින බවයි විමලවීර දිසානායක අමාත්‍යවරයා ප්‍රකාශ කොට සිටියේ.

මේ අතර තෝර් සිංහයාගේ ආශ්‍රිතයෙකු වූ සිංහ ධේනුවගේ PCR වාර්තා තවමත් ලැබී නොමැති බව සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසනවා.

මෙම සිංහ ධේනුව මලානික ස්වරූපයකින් සිටින බව මීට පෙර වාර්තා වූවා.

Rate this item
(0 votes)