මානව හිමිකම් නියෝජිතයන් ලෙස පෙනී සිටිමින් කොළඹ සිට කල්මුණේ දක්වා හෙරොයින් ප්‍රවාහනය කරන පුද්ගලයන් තිදෙනකු දඹුල්ල පොලිස් විශේෂකාර බලකාය මඟින් සැකපිට ඊයේ (20) මධ්‍යම රාත්රියේදී අත්අඩංගුවට ගෙන තිබේ.
රුපියල් ලක්ෂ දහයකට අධික වටිනා වටිනාකමකින් යුත් හෙරොයින් කුඩු ග්‍රෑම් 100කට ආසන්න ප්‍රමාණයක් වෑන් රථයකින් ප්‍රවාහනය කරමින් තිබියදී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කල්මුණේ තුඩුව ප්‍රදේශයේ පදිංචි සාවුල් හමීඩ් මුස්මීර් සහ මඩකලපුව හරියම් පත්තු ප්‍රදේශයේ පදිංචි එමිරාජ් දෙනුරාජ් මෙන්ම කල්මුනේ මාධවන් නගර ප්‍රදේශයේ පදිංචි බාවා මොහොමදු නියාස් නමැති පුද්ගලයන් තිදෙනෙකු බව දඹුල්ල විශේෂ කාර්ය බලකා නිලධාරීහු පවසති.
මෙම කණ්ඩායම ඉතා සූක්ෂම ලෙස කාලයක් තිස්සේ මානව හිමිකම් සංවිධානය නැමැති දැන්වීම් පුවරුවක් වෑන් රථයේ ඉදිරිපස ප්‍රදර්ශනය කරමින් පොලිසිය සහ සියලු ආරක්ෂක අංශ නොමග යවමින් හෙරොයින් ප්‍රවාහනය කරන බවට ලද තොරතුරක් මත දඹුල්ල පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ අණදෙන නිලධාරී ප්‍රධාන පරීක්ෂක ඩි.එම්.කේ.දිසානායක මහතාගේ උපදෙස් පරිදි පොලිස් කණ්ඩායමක් ඉතා සූක්ෂම ලෙස දඹුල්ල ඒ නමය ප්‍රධාන මාර්ගයේ මිරිස්ගෝනියාව හන්දිය ප්‍රදේශයේ මාර්ග බාධකයක් යොදා ගනිමින් වෑන් රථය නවතා තිබේ.
මෙම පුද්ගලයන් කියා ඇත්තේ තමන් මානව හිමිකම් සංවිධානයක කණ්ඩායමක් බවත් කොළඹ සිට කල්මුනේ ප්‍රදේශයේ මානව හිමිකම් සිද්ධීන් රැසකට ගොස් නැවත ගමන් කරමින් සිටින බව ප්‍රකාශ කොට ඇත.
කෙසේ වෙතත් ලැබුණු තොරතුරු මත පරික්ෂා කිරීමේදී මෙම වෑන් රථයේ සඟවා තිබූ රුපියල් ලක්ෂ දහයකට අධික වටිනා වටිනාකමකින් යුත් හෙරොයින් සොයා ගැනීමට හැකි වූ බව පොලිස් විශේෂ බලකාය කියයි.
හෙරොයින් තොගය වෑන් රථය දඹුල්ල පොලිසියට භාරදුන් බවත් දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක එස්.පී.එදිරිසිංහ මහතා කියා සිටියේ මෙම පුද්ගලයන් දෙදෙනා පිළිබඳව තොරතුරු රැසක් අනාවරණය වෙමින් පවතින නිසා අධිකරණ නියෝගයක් ලබා ගෙන මෙම පුද්ගලයන් රඳවාගෙන ප්‍රශ්න කිරීමටට අවශ්‍ය පිය පියවර ගන්නා බවය.
(දඹුල්ල කාංචන කුමාර ආරියදාස )