March 28, 2024

කතරගම දේවාලයට එන්න එපා! දේවාලයත් වසා දමයි - දෙවියන්ට පුජා පවත්වන්නේ මේ අය පමණයි

කතරගම මහා දේවාලයේ රාජකාරී කරන පුද්ගලයින් තිදෙනෙක්ට කොවිඩ් වෛරසය ආසාදනය වී තිබේ.

ඒ අනුව ඊයේ (12) සිට දේවාලය වසා දැමු බවත් කිසිදු බැතිමතෙකුට මළුවට ඇතුළු වීමට ඉඩ නොදෙන බවත් මහා දේවල් ප්‍රධාන කපු මහතා වන සෝමපාල රත්නායක මහතා පවසයි.

දේවාලය තුළ සිටින කපු මහත්වරු පමණක් දෙවියන්ට පුද පුජා පවත්වන බවත් පැවසු ප්‍රධාන කපු මහතා, පවතින කොවිඩ් තත්ත්වය පාලනය වන තුරු සියලු බැතිමතුන් දේවාල භූමියට පැමිණීමෙන් වළකින ලෙසත් ඉල්ලීමක් කරයි.

මහා දේවාලයෙන් අහඹු ලෙස ලබාගත් පීසීආර් පරීක්ෂණ පහෙන් තුනක් එලෙස ආසාදිත බවට තහවුරු වී තිබේ.

Rate this item
(0 votes)