April 25, 2024

පස්සර බස් රථය පෙරළී ගියේ ටයර් හින්දා නෙමෙයි - පෙරළි ගිය සැබෑ හේතුව එළියට

පස්සර බස් රථය පෙරළී යෑමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව වගකිව යුතු බව සමස්ත ලංකා පෞද්ගලික බස් රථ සංගමයේ භාණ්ඩාගාරික ප්‍රසන්න විපුලගුණ පවසා සිටියි.

එහිදී ඔහු සඳහන් කර සිටියේ “අපි බස් රථ ව්‍යාපාරිකයෝ විදිහට මේ සිද්ධියට මූලිකම වගකීම් දරන්න ඕන  ජාතික ගමනාගමන කොමිෂන් සභාව කියන කාරණය අවධාරණය කරනවා..බස් රථ ධාවනය පිළිබඳව විධිමත් නියාමනයක් තියෙන්න ඕන..ඒකාබද්ධ කාලසටහනක් ක්‍රියාත්මක නොකිරීම මීට ප්‍රධාන හේතුවක්..” බවයි.

එමෙන්ම අනතුරට පත් බස් රථයේ අඩුපාඩු සෙවීම විහිළුවක් බවත්, අනතුරට ප්‍රධාන  හේතුව මේ රටේ සියලු දෙනා දන්නා බවත් භාණ්ඩාගාරිකවරයා සඳහන් කළේය. එහිදී ඔහු සඳහන් කර සිටියේ “මේ අනතුරට හේතුව බස් රථයේ නඩත්තුව පිළිබඳව ප්‍රශ්නයක් නෙමෙයි. මේ බස් රථය ඉදිරියෙන් හා පිටුපසින් ලංගම බස් රථ දෙකක් ගමන් කරමින් තිබුණා.. ඒ නිසයි වේගයෙන් යන්න වුණේ..” යැයි ප්‍රකාශ කළ ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ මෙම තරඟාකාරී බව නිර්මාණය කරන්නේ ජාතික ගමනාගමන කොමිෂන් විසින් බවයි.

එමෙන්ම මෙම අනතුර සිද්ධ වුණු ස්ථානය කන්ද නාය ගොස් මාස 06ක් ගතව තිබූ බවත්, එම කාලය තුළ එම මාර්ගයේ රජයේ නිලධාරීන් විසින් විසින් නොගියේද යන්නත් භාණ්ඩාගාරිකවරයා ප්‍රශ්න කර සිටියි.

ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ අනතුරට වගකිය යුත්තේ එම ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන් සහ දේශපාලන අධිකාරිය බවත්, බස් රථයේ හිමිකරු හෝ රියදුරු හෝ කොන්දොස්තවරයා විසින් නොවන බවයි.

Rate this item
(11 votes)