April 23, 2024

පස්සර බස් අනතුර : දිවි ගලවා ගත් පුද්ගලයෙකු කියන කතාව

පස්සර මාරාන්තික බස් රථ අනතුරින් දිවි ගලවා ගත් පුද්ගලයෙකු අනතුර සිදු වු ආකාරය පිළිබඳව මාධ්‍ය වෙත සිය අත්දැකීම කියා තිබේ.

ඔහු එහිදී සඳහන් කර සිටියේ බස් රථය වේගයෙන් පැමිණි බවයි.

“ගොඩාක් වේගයෙන් ආවේ.. වංගුවකින් වගේ කෙළින්ම ගියා බ්‍රේක් එකක්වත් අල්ලනවා, ස්ලෝ වෙනවා දැනුණේ නෑ..අධික වේගයෙන් ආවේ, ගියා කෙළින්ම පල්ලෙහාට.. දෙපාරක් විතර පෙරලෙද්දී තමා දැනගත්තේ.. කණු වගයක් තිබුණා අල්ලගෙන හිටියේ මං.. මොකුත් වුණේ නෑ ඒ හින්දා” යැයි එම දිවි ගලවා ගත් පුද්ගලයා විසින් පවසා සිටියේය‍.

අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ අසුන් ගණනටම මගීන් සිටි බවද තවත් පුද්ගලයෙකු පවසා සිටියේය

අනතුරින් තුවාල ලැබූ පිරිස රෝහල් වෙත ගෙන යෑම සඳහා ප්‍රදේශවාසීන්, පොලීසිය සහ හමුදාව එක්ව දැඩි වෙහෙසක් ගෙන තිබුණි.

අනතුරින් මේ වන විට බස් රථයේ රියදුරාද ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වෙයි.

දිවි ගලවා ගත් පුද්ගලයා දැක් වූ අදහස් පහතින්,

Rate this item
(6 votes)
Last modified on Saturday, 20 March 2021 15:38