March 29, 2024

20ට සහය දුන් මන්ත්‍රීට වැඩ වරදී - අරවින්ද කුමාර් පක්ෂයෙන් දොට්ට

පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද කුමාර් මහතා කඳුරට ජනතා පෙරමුණේ පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් කර ති‌බේ.

එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඊයේ රැස්වූ වූ අතර එහිදී එම තීරණය ගෙන ඇත.

විසිවන සංශෝධනයට සහය දැක්වීම ඇතුලු කාරණා කිහිපයක් මුල් කරගනිමින් ඔහු මෙලෙස පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් කිරීම තීන්දු කර තිබේ.

කඳුරට ජනතා පෙරමුණේ නායකයා ලෙස කටයුතු කරන්නේ වී. රාධක්‍රිෂ්ණන් මහතායි.

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය ලබා දුන් ඩයනා ගමගේ සහ අරවින්ද කුමාර් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනාට පාර්ලිමේන්තු සභාවේ අණ්ඩු පක්ෂයේ ආසන පැනවීමට මීට පෙර තීරණය කර තිබිිණි.

ඒ, ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින් කතානායකවරයාගෙන් කළ ඉල්ලීමක් අනුව මෙම පියවර ගෙන තිබිණි.

කෙසේ වෙතත් 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඡන්දය ලබා දීමෙන් අනතුරුව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කතානායකවරයා වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටියේ, සිය පක්ෂයේ මතයට එරෙහිව යමින් 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට පක්ෂව ඡන්දය ලබා දුන් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් 09 දෙනාට පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ අසුන් පනවන ලෙසයි.

20 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ ඡන්ද විමසීම පසුගිය වසරේ නොවැම්බර් 21 වැනි දා පැවැත් වූ අතර ඊට පක්ෂව සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් වන  ඩයනා ගමගේ, අරවින්ද කුමාර්, ඉෂාක් රහුමාන්, ෆයිසාල් කාසිම්, එච්.එම්.එම් හාරිස්, එම්.එස් තවුෆික්, නසිර් අහමඩ්, ඒ.ඒ.එස්.එම් රහීම්, එම්.එම්.එම්.මුෂාරෆ් යන අය ජන්දය භාවිත කර තිබිණි.

Rate this item
(0 votes)
Last modified on Saturday, 20 March 2021 10:31